Tuesday, April 15, 2014

හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය ගම්පහදී

                                
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය අද (16) ගම්පහ කොස්සින්න රජමහා විහාරයේ දී බව දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක මහතා ප්‍රකාශ කලා. එම නැකත යෙදී තිබෙන්නේ පෙරවරු 11.16 ටය . අගමැති දි.මු. ජයරත්න මහතා ඇතුළු රජයේ මැතිඇමතිවරුන් රැසක් ඊට එක් වීමට නියමිතයි . 
කොස්සින්න, යටවත්ත රාජමහා විහාරය සහ ඉඹුල්ගොඩ විජයවර්ධන ශ්‍රී මහා විහාරය යන උභය විහාරාධිපති සියනෑ කෝරළයේ ප්‍රධාන සංඝනායක තෝරපිටියේ ආනන්දාභිධාන නායක හිමිගේ හා කොස්සින්න රජමහා විහාරාධිකාරී උඩුගම්පොල ගුණානන්ද හිමිගේ අනුශාසකත්වයෙන් එම හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය පැවැත්වේ . 

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න