Friday, April 18, 2014

අද මහ සිකුරාදා

12:22 AM By Unknown No comments

යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයේ ඇණ ගසා මරා දැමීමේ මහා ජීවිත පූජාව සිදුකළ මහ සිකුරාදා දිනය අද (18) .එම දිනය සිහිපත් කරමින් ලොව පුරා සිටින කිතුනු බැතිමත්හු අද දින මහත් බැතියෙන් සමරති. මීට සමගාමීව දිවයිනේ දේවස්ථානවල දුක්ප්‍රාප්ති දේව මෙහෙයන් පවත්වයි.තුන්පෑ ධ්‍යානය ලෙස හැඳින්වෙන විශේෂ දේව මෙහෙයක් සෑම දෙව් මැඳුරකම පැවැත්වෙන අතර පාස්කු නාට්‍ය, පසන්, යාඤා මෙහෙයන් පවත්වමින් ක්‍රිස්තු දුක්ඛෝත්පත්තිය සැමරීමට කිතුනු බැතිමතුන් කටයුතු කරති.කිතුනු බැතිමත්හු අතිශයින් උතුම් වූ රාත්‍රිය ලෙස හෙට (19) ආලෙලුයියා සෙනසුරාදා සලකමින් ඉතාම දීර්ඝ දිව්‍ය යාගයකට එක් වෙති.පාස්කු ඉරිදා එනම් අනිද්දා (20) කතෝලික සභාව කිතු සමිඳාණන්ගේ උත්ථානයේ ජයග්‍රහණය මහත් හරසරින් සමරනු ඇත.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න