Thursday, April 17, 2014

අස්ගිරි මහා නා හිමියන්ට පාරට බහින්න වෙනවලු


රජය විසින් හඳුන්වා දී ඇති බිම් සවිය ඉඩම් ලියාපදිංචි කිරීමේ පනත වහා සංශෝධනය කළ යුතු බව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපුජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන් පවසයි.
මෙම පනත සම්මත වුවහොත් විහාර දේවාලගම් වලට අයිති ඉඩකඩම් පිළිබඳව ගැටළු රැසක් ඇති වන බව බුද්ධරක්ඛිත හිමියන් පෙන්වා දුන්නේය.
බිම් සවිය පනත සංශෝධනය කරන ලෙස අවස්ථා කිහිපයකදීම බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ඊට නිසි ප්‍රතිචාර ලැබී නොමැති බව උන්වහන්සේ පැවසුවේය.
මහනාහිමියන් බැහැදැකීමට පැමිණි අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා සමඟ අදහස් දක්වමින් පුජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනායක හිමියන් මෙම අදහස් පළ කර තිබේ.
අදාළ පනත සංශෝධනය නොකළ හොත් ඉදිරියේදී මහමගට බැස විරෝධතා දැක්වීම හැර වෙනත් විකල්පයක් නොමැති බව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපුජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන් එහිදී ප්‍රකාශ කළේය

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න