Monday, April 7, 2014

විස්සයි විස්ස ලෝක කුසලානය මව්බිමට .



විස්සයි විස්ස ලෝක කුසලාන ශූරතාවය දිනා ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම  සමත් විය. කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කල අතර තරගය අවසන් වූයේ ඉන්දීය කණ්ඩායම කඩුලූ 6කින් පරාජයට පත් කරමින්ය. 

ඉන්දීය පිළ අදාළ පන්දු වාර 20 අවසානයේ කඩුලූ 4ක් දැවී ලකුණු 130ක් ලබා ගන්නා ලදී. ලකුණු 131ක ජයග‍්‍රාහී ඉලක්කය හඹා ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 17.5 දී ජයග‍්‍රාහී ඉලක්කය පසු කළේය. 

එහිදී තම පන්දු වාර විස්ස කි‍්‍රකට් දිවියේ අවසන් තරගයට සහභාගි වූ කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 52ක් ලබා ගන්නා ලදී. 

තම විස්සයි විස්ස කි‍්‍රකට් දිවියේ අවසන් තරගයට සහභාගි වූ මහේල ජයවර්ධන ලබා ගත් ලකුණු සංඛ්‍යාව 24ක් වන අතර විස්සයි විස්ස තරඟයකදී ලකුණු 1000 සීමාව පසුකළ ලොව පළමු ක්‍රීඩකයා බවට මහේල පත්වීම මෙහිදී සුවිශේෂී කරුණක් විය. 

මීට පෙර ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලි දෙකකදී අවසන් මහා තරඟ දෙකකට සුදුසුකම් ලැබුව ද ජයග‍්‍රහණය කිරීමට හැකියාව ලැබුණේ නැත. 

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න