Wednesday, April 23, 2014

මහේල හා සංගා පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තීරණයක්

10:41 PM By Unknown No comments

ඊයේ (23) පැවති ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මහ සභා රැස්වීමෙන් අනතුරුව ක‍්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කලේ මහේල හා සංගා පිළිබඳව විනය පරීක්ෂණයක් නොපැවැත්වීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවයි.

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සම්බන්ධයෙන් ,විස්සයි විස්ස ලෝක කුසලානය ජයග‍්‍රහණයෙන් අනතුරුව ශ‍්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ගුවන් තොටුපල පරිශ‍්‍රයේ පැවති මාධ්‍ය හමුවේදි මහේල සහ සංගක්කාර විවිධ මත පළ කළා.

ඊට පසු දින ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සිදුකළ ප‍්‍රකාශ සම්බන්ධයෙන් කනස්සල්ල පළ කල අතර එහිදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණේ  තවදුරටත් මෙම ගැටළුව පිළිබඳව කිසිදු ප‍්‍රකාශයක් සිදු නොකරන අතර අදාළ ගැටළුව අවසන් වූ එකක් ලෙස සළකන බවයි.  නමුත් පසුගියදා රැස්වූ ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් විධායක කමිටුව, මහේල සහ සංගක්කාර සිදුකළ මෙම ප‍්‍රකාශ පිළිබඳව ගතහැකි ක‍්‍රියාමාර්ග සොයාබැලීම විනය කමිටුවට පවරනු ලැබුවා.

මෙම ප‍්‍රකාශ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ඊයේ පස්වරුවේදී පැමිණියා. එම සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන් දෙදෙනාට එරෙහිව ක්‍රිකට් ආයතනය කිසිදු විනය පරීක්ෂණයක් නොපවත්වන්නට තීරණය කළ බව ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම මාස දෙකකට ආසන්න කාලයක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ ක‍්‍රීඩකයන් අතර වාර්ෂික කොන්ත‍්‍රාත්තුව සම්බන්ධයෙන් පැවති ආරවුලද ඊයේ ක‍්‍රීඩකයන් ඉදිරි වර්ෂය සඳහා වන වාර්ෂික ක‍්‍රීඩක කොන්ත‍්‍රාත්තුව අත්සන් කිරීමට එකඟවීමත් සමග සමථයකට පත්වුණා.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න