Thursday, April 24, 2014

අද ජනපති අතින් තෙවැනි අභිමංසල විවෘත වෙයි

11:43 PM By Unknown No comments

පළමු අභිමංසල අනුරාධපුර දිස්ති‍්‍රක්කයේත්, දෙවන අභිමංසල මාතර දිස්ති‍්‍රක්කයේ කඹුරුපිටිය ප‍්‍රදේශයේත් ඉදිකර තිබේ. අභිමංසල සුවසහන නිකේතන ව්‍යාපෘතියේ තුන්වැන්න කුරුණෑගල, පාන්ගොල්ල ග‍්‍රාමයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් අද (25) විවෘත වෙයි.තෙවන අභිමංසල සුවසහන මධ්‍යස්ථානය සඳහා‍ නවීන පහසුකම්වලින් සමන්විත නැණසල මධ්‍යස්ථානයක් ද ශී‍්‍ර ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මඟින් ස්ථාපිත කර තිබේ.මෙම සුවසහන මධ්‍යස්ථානයේ පනස් දෙදෙනෙකුට (52) පූර්ණකාලීන නේවාසිකව ප‍්‍රතිකාර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සපයා ඇති අතර මෙය කුටි 3කින් හා විලාස් නමින් හැඳින්වෙන හතර දෙනෙකුට එකට විසිය හැකි කුඩා ගෙවල් 8කින් සමන්විත වන අතර එහි ඔවුන්ට බටහිර මෙන්ම දේශීය වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම් සලසා දී තිබේ.ජල චිකිත්සක, භෞත චිකිත්සක හා වෘත්තීය චිකිත්සක ප‍්‍රතිකාර ක‍්‍රම මෙන්ම අධ්‍යාත්මික සුවය ලබාදීමට භාවනා හා ආගමික වැඩසටහන් ද කි‍්‍රයාත්මක කෙරේ. එමෙන්ම අභිමංසල නිකේතනවල ජීවත්වන ආබාධිත සෙබළුන්ට සිය බිරිය, දරුවන් මව්පියන් සමඟ දින තුනක් ගත කිරීමට කබානා කාමර කිහිපයක් ද ඉදිකොට තිබේ.අභිමංසල සුවසහන නිකේතනයේ ඉදිකිරීමේ අරමුණ වී ඇත්තේ මානුෂිය මෙහෙයුම්වලදී ත‍්‍රස්තවාදීන්ට එරෙහිව යුද්ධ හමුදාව දියත් කළ කි‍්‍රයාන්විතවලදී තුවාල ලබා පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව සිටින විරෝදාර රණවිරුවන් දිවි ඇති තෙක් බලා ගැනීම හා ඔවුනගේ ජීවිතයේ ඉදිරි කාලය සෙනහසින් දයාවෙන් සහ ආධ්‍යාත්මික සුවයෙන් සපිරි නිවෙසින් එපිට නිවහනක් ලබාදීමය.මේ අයුරින් පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව ඇති රණවිරුවන්ගේ සංඛ්‍යාව 297ක් ලෙස යුද හමුදාව හඳුනාගෙන ඇත. මෙම සුවසහන නිකේතන මඟින් රණවිරුවන්ගේ කායික මානසික හා අධ්‍යාපනික රැකවරණය ලබා දී තම පවුලේ සාමාජිකයන් සහෝදර සෙබළුන් හා සමාජයේ සියලු පුරවැසියන් සමඟ සහජීවනයෙන් හා සමානාත්මතාවයෙන් ගත කිරීමට සුදුසු පරිසරයක් ලබාදීම විශේෂත්වයකි.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න