Monday, April 7, 2014

ඉන්දීය ක්‍රීඩා ලෝලීන් කලහකාරී වෙයි



විස්සයි විස්ස ලෝක කුසලාන  අවසන් තරඟයේදී ශ්‍රී ලංකාව හමුවේ පරාජය වූ ඉන්දීය කන්ඩායමේ ක්‍රීඩක යුවරාජ් සිංගේ නිවසට එම පරාජය දරා ගත නොහැකි වූ ක්‍රීඩාලෝලීන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා . එම සිදුවීම වී  තිබෙන්නේ චන්ඩිගාර් - මනිමාජ්රා ප‍්‍රදේශයේ පිහිටි යුවරාජ් සිං ගේ නිවස ඉදිරිපිටයි. ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ එම  ප්‍රදේශයට රැස්වූ පිරිස ඔහුට විරෝධය පළ කළ බවයි .

කෙසේ වෙතත්  මේ වනවිටත් යුවරාජ් සිං ගේ නිවසට දැඩි ආරක්ෂාවක් සපයා තිබෙනවා. අවසන් තරඟයේදී ලකුණු 11 කට දැවී ගිය යුවරාජ් සිං .  ඒ වන විට පන්දු 21 කට මුහුණදී තිබුණා.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න