Tuesday, June 3, 2014

27,000කට පීඩා අයහපත් කාලගුණයෙන්


පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 27,243 දෙනෙකු පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර ප‍්‍රකාශ කළා. කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ මෙම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි. එසේම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පුද්ගල මරණ 22ක් සහ තුවාල සිදුවීම් 8ක් වාර්තා වී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.

Monday, June 2, 2014

දුම්රිය ගමන් සාමාන්‍ය පරිදි


දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවෙන බවත් පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කොළඹ සිට බදුල්ල දක්වා ගමන් ගන්නා දුම්රිය බණ්ඩාරවෙල දක්වා පමණක් ගමන් ගන්නා බවත් දුම්රිය දෙපාර්තමේන්තුව රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය. 
 
අද අලුයම කාලයේ පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රාගම දුම්රිය ස්ථානය ජලයෙන් යටවීම හේතුවෙන් දුම්රිය ගමන් ප්‍රමාද වූ බවත් ප්‍රකාශ කරන දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය අවලංගුවීම් සිදු නොවුණු බවත් ප්‍රකාශ කරයි. 
 

ඉන්දීය අමාත්‍ය ගෝපිනාත් මියයයි

පසුගිය සතියේ  ඉන්දීය  නව අමාත්‍ය මණ්ඩලයේ දිවුරුම් දුන් භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු මෙන්ම ග‍්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා වන ගෝපිනාත් මුන්ඬේ නවදිල්ලියේ අද (03) සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වුණා. 

අද උදෑසන 6.20 ට පමන එම අනතුර සිදු වූයේ ඒ මහතා දිල්ලි ගුවන්තොටුපල වෙත ගමන් ගනිමින් සිටියදීයි . 

වෛද්‍යවරුන් පවසා ඇත්තේ මෝටර් රථය අනතුරට පත්වූ අවස්තාවේ පිටුපස අසුනේ සිටි ඔහු කම්පනයට ලක්වී හෘදයාබාධයකට ගොදුරුවේ මිය ගිය බවයි . 

ඉන්දීය ධීවරයින් නිදහස් කරනවා - ජනපති

ජනාධිපතිතුමන් සිය Twitter පණිවිඩයක්  මගින්  සඳහන් කර ඇත්තේ  මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් 29 දෙනා වහාම නිදහස් කරන ලෙස තමන් උපදෙස් දුන් බවයි 

ඉන්දීය නව අගමැති නරේන්ද්‍ර මෝඩි වෙත ලිපියක් යොමු කරමින් පසුගියදා  තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් කියා සිටියේ අදාළ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වහාම මැදිහත් වන ලෙසයි .

ඒ අනුව දෙරට  අතර සබඳතාවය වර්ධනය කර ගැනීමට මෙම තීරණය ගත් බව ජනපති රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි .

අදාළ ඉන්දීය ධීවරයින් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය ඉරිදා අලුයම තලෙයිමන්නාරමට උතුරු මුහුදේ දීය .

කළමනාකරු පිරිමි දරුවා අපයෝජනය කරයි

12 හැවිරිදි පිරිමි දරුවෙකු අපයෝජනයට ලක්කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරු අද (2) කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්  කෙරුණා . එම පුද්ගලයා කන්තලේ ප්‍රදේශයේ රජයේ බැංකුවක කළමනාකාරවරයෙකු බවයි වාර්තා වන්නේ . අදාල පිරිමි දරුවා කන්තලේ මහ විද්‍යාලයක ශිෂ්‍යයෙකි .

මෙසේ අපයෝජනය වී ඇත්තේ තම පියාගේ බැංකු ගිණුමට අදාල කරුණක් සම්බන්ධයෙන් කතා කිරීමට  බැංකුවට පැමිණි අවස්තාවකදීය .

එම සැකකරු  විභාග කිරීමෙන් අනතුරුවලබන 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

Twitter යෝ හො(ර්)නී සිං ඝාතනය කරයි

Chennai Express චිත්‍රපටියෙන් රසිකයන්ගේ සිත් ආක්‍රමණය කල ඉන්දියාවේ සුපිරි RAP ගායක යෝ යෝ හො(ර්)නී සිං පසුගිය දිනක හදිසියේ ම මියගියා කියල twitter හි ඔහුගේ පිංතූරයක් සමඟ පළවෙලා තිබුන.මේ හේතුවෙන් යෝ යෝ හො(ර්)නී සිංගේ රසිකයන් ගොඩාක් දුක් වෙලා තියෙනවා .

නමුත් ඇත්තටම යෝ යෝ හො(ර්)නී සිංට එහෙම දෙයක් වෙලා නැහැ.ඔහු මේ වෙනකොට ඩුබායි වල සුවසේ ඉන්නව කියල තමයි අපිට දැනගන්න ලැබුනෙ.දැන් මේ හැම දෙයක් ම බොරු කියල ප්‍රසිද්ධ වෙලා ඉවරයි .

කෙසේ වෙතත් Twitter එක නිතරම මේ වගේ දේවල් වලින් රසික පිරිස් අතර තමන්ගේ නම ප්‍රසිද්ධ කරගන්න හදනව කියල තමා ඉන්දීය විද්වතුන් කියන්නෙ.මේ සිද්ධිය කලින් ඉන්දියාවෙ ආශා බෝස්ලේ ටත් ලතා මංග්ලෙශ්කාර් ටත් වෙලා තියෙනවලු twitter තුලින් . 

Sunday, June 1, 2014

වැස්සෙන් 12 ක් මරුට

දිවයින් පුරා අයහපත් කාලගුන තත්වය නිසා පුද්ගල අනතුර කිහිපයක්ද වාර්තා වී ඇත .එම සංඛ්‍යාව 12ක් වන අතර ඉන් මරණ 10ක්ම වාර්තා වන්නේ කළුතර දිස්ත්‍රික්කයෙනි .

කළුතර දිස්ත්‍රීක්කයේ අගලවත්ත, බුලත්සිංහල, මතුගම, වැලිපැන්න ප්‍රදේශවලින් එම මරණ වාර්තා වේ. 

බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අතුරුදන් වී ඇති අතර මාලබේ පොතුඅරාව ප්‍රදේශයේ නිවසක් මතට බැම්මක් කඩා වැටීම එම නිවසේ පදිංචිව සිටි යුවළක් ජිවිතක්ශයට පත්ව ඇත . 

ල ගැලීම් තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් විශාල පිරිසක් නිවාස වල සිරවී සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කළේය .

කොළඹ, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක වල ප්‍රධාන මාර්ග මෙන්ම අතුරු මාර්ග ද ජලයෙන් යටවී   ඇත .

ජල ගැලීම් නිසා සිර වී සිටින පුද්ගලයින් බේරා ගැනීමට නාවික හමුදාවේ හා ගුවන් හමුදාවේ කණ්ඩායම් 5ක් යොදවා ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

කොළඹ ,කළුතර, ගාල්ල ,මාතර සහ රත්නපුර දිස්ත්‍රික්ක වලටවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි. 

ජයලලිතා ධීවර ගැටලුව ගැන මෝඩි ට කියයි.

ඉන්දියාවේ හිටපු අගමැති මන් මෝහන් සිං මහතාගේ පාලන කාලයේ දි  නිසි විසඳුමක් නොලැබූ ඉන්දු - ලංකා ධීවර ගැටළුව සමනය කර දෙන්නැයි ඉල්ලමින් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා වෙත ලිපියක් යොමු කර තිබේ .

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධිවරයින් 33 දෙනා සහ නාවික යාත්‍රා 07 නිදහස් කර දෙන ලෙස එම ලිපියේ වැඩි දුරටත් සඳහන් කර තිබිණි .

දැනට දීර්ඝ කාලයක් මුළුල්ලේ පවතින ඉන්දු-ලංකා ධීවර ගැටළුව අවසන් කිරිමට ඍජු මැදිහත්වීමක් සිදුකරන ලෙසද එම මහත්මිය  මෙම ලිපිය මගින් අගමැතිතුමා දැනුවත් කර ඇත .

ඉන්දියාව ශ්‍රී ලංකාව අතර ඇති වූ ශක්තිමත් රාජතාන්ත්‍රික සබඳතාවය මෙවැනි සිදු වීමක් නිසා  පලුදු  කිරීමට ත්‍රස්ත හිතවාදී පිරිස් උත්සහගනිමින් සිටින බවක් දකින්නට ඇත 

දුම්රිය ගමනාගමනයට වර්ෂාවෙන් බාධා

පුත්තලම , උතුරු හා ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. අධික වර්ශාපතනය හේතුවෙන් රාගම දුම්රිය ස්ථානය ජලයෙන් යටවී තිබීම ඊට හේතුවයි . 
තවද දිවයිනේ ප්‍රදේශ රැසෙක අධික වර්ශාපතනයක් ඇති අතර  බස්නාහිර  හා  දකුණු ප්‍රදේශ වලටද එම තත්වය දැඩිව බලපා ඇත . 

එමෙන්ම  බෙන්තර ගඟ සහ ගිං ගඟ පිටාර ගැලීමෙන් පහත්බිම් කිහිපයක් සහ පිටිගල - මැටිවිලිය ඇල්පිටිය මාර්ගය, පිටිගල- උතුරු පිටිගල මාර්ගය හා පිටිගල - පැලවත්ත මාර්ගය යට වි ඇති අතර එහි ජල මට්ටම අඩි 04ක් පමණ වන බවද සඳහන් වෙයි.

මේ අතර පවතින සුළං ප්‍රවාහයේ අභිසාරි තත්ත්වය හේතුවෙන් දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වලත් වැසි සහිත කාලගුණික තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

අපරභාගයේ දි හෝ සන්ධ්‍යා කාලයේ දි ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත් වල තැනින් තැන වැසි ඇති වන අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි ඇති විය හැකි බව වාර්තා වේ. 

Saturday, May 31, 2014

කතරගම ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම පෙරහර ජූනි 28


ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම පෙරහර ජූනි 28 දින ආරම්භ කිරීමට නියමිතය. පෙරහර මංගල්‍යයේ ගිනි පෑගීම ජූලි 09 දින සිදු කරන අතර ජූලි 03 දින බස්නායක නිල නිවසේ දානමය පිංකමක් පැවැත්වේ. දින 15ක් පුරා පැවැත්වෙන කතරගම ඇසළ පෙරහර මංග්‍යලයේ අවසන් රන්දෝලි පෙරහර ජූලි 12 වෙනි දින වීදි සංචාරය කරනු ඇත. ජූලි 13 දින මැණික්ගඟේ දිය කැපීමේ චාරිත්‍රයෙන් පසු ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වේ. කතරගම ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ වන්නේ කප් සිටුවීමෙනි. කප් සිටුවා දින 44ක් ගෙවුණු පසු කතරගම මහා දේවාලයේ පෙරහර ආරම්භ වේ.

අද දිවයින වටා මුහුදු ප්‍රදේශ විටින්විට රළු විය හැක


අද (01) පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද උදෑසන 05.30ට නිකුත් කරන ලද මුහුදේ කාලගුණ තත්ත්වය පිළිබඳ අනාවැකියට අනුව සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40ක් පමණ වේ. සුළං වේගය විටෙක පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යා හැක.

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ හලාවත සිට මන්නාරම සහ කන්කසන්තුරේ හරහා ත්‍රීකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ. කි. මී. 55-60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර දිවයින වටා වන අනෙක් මුහුදු ප්‍රදේශ ද විටින් විට තරමක් රළු විය හැක.

පානදුර දරුවෙකුට ලිංගෙන්ද්‍රයන් දෙකක් හා ගුද මාර්ග දෙකක්

අසාමාන්‍ය අවයව පිහීටීම සමඟ උපත ලද දරුවෙකු පානදුරෙන් වාර්තා වෙනවා. ලිංගෙන්ද්‍රයන් දෙකක් හා ගුද මාර්ගයන් දෙකක් පිහිටා ඇත. මෙවනි උපතක් සිදුවන්නේ ලක්ෂ පනහකට එකක් පමණයි.

මිහින්තලා පුණ්‍ය භූමියට දෙමහල් ධර්ම ශාලාවක්


ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් හා මඟපෙන්වීම අනුව ඓතිහාසික මිහින්තලා පුණ්‍ය භූමියේ දෙමහල් ධර්ම ශාලාවක් ඉදිකිරීම සඳහා හෙට (01) මුල්ගල තැබේ. මේ සඳහා වැය කිරීමට නියමිත මුදල රුපියල් ලක්ෂ 1000කි.

මිහින්තලා පුණ්‍ය භූමියේ උඩමළුවේ පිහිටි ආරාධනා ගල පාමුල සේල චෛත්‍යයත් අෂ්ඨ ඵල බෝධීන් වහන්සේත් අතර අඩි 165ක් දිගැතිව සහ අඩි 65ක් පළල වන පරිදි ගොඩනඟන මෙම දෙමහල් ධර්ම ශාලාව 2015 පොසොන් පොහෝ දින ජනාධිපතිතුමා විසින් සසුනට පූජා කිරීමට නියමිතය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සකසන ලද සැලැස්ම සහ අධීක්ෂණය යටතේ මෙය ඉදිකෙරේ.

ජනාධිපතිතුමාගේ දැනුම් දීම අනුව විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන්, සුබ නැකතින් මුල්ගල තැබීමට නියමිත බව මිහින්තලා රාජ මහා විහාරාධිපති හා භාරකාර වලවාහැංගුණ වැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ.

මිස්සක පව්වට පැමිණෙන දහස් සංඛ්‍යාත වන්දනාකරුවන්ට නේවාසික පහසුකම් නොමැතිකමෙන් දාන ශීල භාවනා කටයුතු සිදු කිරීමට ඇති අපහසුතාවන් ද සැදැහැවතුන්ට අව්වෙන් වැස්සෙන් සිදු වන පීඩා පිළිබඳව ද නාහිමිපාණන් වහන්සේ, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන සහ උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහත්වරුන් දැනුවත් කිරීමෙන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙම දෙමහල් ධර්ම ශාලාව ඉදිකිරීම සඳහා විශේෂ ව්‍යාපෘති යටතේ මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දී තිබේ.

Miss Asia Pacific World 2014 සජීවීව නරඹන්න


Miss Asia Pacific world 2014 සජීවීව නරඹන්න අපගේ වෙබ් අඩවියේ දකුණු පස. ශ්‍රි ලංකාව නියොජනය කරන නිලුක්ශි අමන්දා සිල්වා Miss Asia Pacific world 2014 වෙනවාද කියා සජීවීව නරඹන්න

ලෝක දුම් වැටි විරෝධී දිනය අදයි


ලෝක දුම්වැටි විරෝධී දිනය අද (31)ට යෙදී ඇත.දුම්වැටි භාවිතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වාර්ෂිකව මිය යන සංඛ්‍යාව 20,000 ඉක්මවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.බෝ නොවන රෝග වන අධි රුධිර පීඩනය, පෙනහළු පිළිකා, හෘදයාබාධ, දියවැඩියාව, ස්වසන රෝග සඳහා ප්‍රධාන වශයෙන් බලපානුයේ දුම්වැටි භාවිතයයි. අතුරු ආබාධ රැසකටද මෙය හේතුවේ.ශ්‍රී ලංකාවේ ජාතික ආදායමෙන් 12%ක් දුම්වැටි සහ මධ්‍යසාර අලෙවියෙන් හිමි වුවත්, ජාතික ආදායමෙන් 22%ක් ඒවා භාවිතය නිසා ඇති වන රෝග වැළැක්වීමට වැය කිරීමට සිදුව ඇත.

Friday, May 30, 2014

අස්ථි බිඳී යාමේ රෝගයෙන් පීඩා විඳින සෞභාග්‍යා

අස්ථි බිඳී යාමේ රෝගයෙන් පීඩා විඳින කඹුරුපිටිය රංසෑගොඩ පදිංචි නව හැවිදිරි සෞභාග්‍යා දෙව්මිණි දැරිය ඊයේ (29) පස්වරුවේ අරලියගහ මන්දිරය වෙත කැඳවූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා, ඇගේ සුවදුක් විමසීය.

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ ජන්ම දිනයට ජනපති සුබ පැතුම්

මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ උත්තරීතර මහානායක මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ 70 වෙනි ජන්ම දිනය නිමිත්තෙන් ශුභාශිංසන පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබඳව මම අතිශයින් සතුටට පත්වෙමි.

ඓතිහාසික මාත‍ලේ දිසාවේ කොහොන්සිය පත්තුවේ තිබ්බටුවා‍ව නම් සුන්දර ගම් පියසේදී වර්ෂ 1944 මැයි මස 30 වෙනිදාවක ජන්ම ලාභය ලද අපේ මහානායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ එවකට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන් විසින් ඉතිහාසයේ ප්‍රථම වරට මල්වතු ‍මහාවිහාර පාර්ශ්වයේ මහානායක පදවියට පත් කරනු ලැබූ අති උත්තම තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිතාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේගේ සඟ පරපුරෙන් පැවත එන පරම පූජනීය මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ නමකි.


සම්බුද්ධ ශාසනයේ මතු පැවැත්මත් සරණත් අවැසි සුවහසක් අසරණ මිනිසුන්ගේ හදවත් සදහම් සිසිලසින් පුරවාලීමේ මහා කාරුණික සිතිවිල්ලත් තම ඒකායන අධිෂ්ඨානය කර ගත් අපේ මහානායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ තම දිවියට දහතුන් වසරක් සපිරෙන දා මල්වතු මහාවිහාරීය මංගල උපෝෂථාගාර පුදබිමෙන් සසුන් කෙතට පා තැබූහ.

වර්ෂ 1964 ජුනි මස 10 වෙනිදා ශ්‍රේෂ්ඨ 'වාහලනාග' නාමයත් සමගින් උතුම් උපසම්පදා සම්පත්තිය ළඟා කර ගත් අපේ මහානායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ තමන් වහන්සේගේ ස්ථිරසාර වූ ශාසනික පැවිදි මෙහෙවරේ නිම් වළලු වඩ වඩාත් පුළුල් කරමින් දිවයිනේ සතර දිග් භාගයේ වෙසෙන දනන් සියල්ලන්ගේම හිත සුව පිණිස අරුත්බර දහම් කරුණු කාරණා අවබෝධ කරවාලීමේ මා හැඟි උත්තුංග කර්තව්‍යය ඇරඹීය.
අපරිමිත මුනිගුණ නිබඳව සිත්හි දරා මහත් වීර්යයකින් මෙන්ම දැඩි අධිෂ්ඨානයත් පෙරදැරිව ඇරඹි ඒ ගමන් මඟ ඔස්සේ ගමන් ගත් අපේ මහානායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ එතරම් කලක් ගත වන්නටත් මත්තෙන් හෙළයේ මහා මුදුන් මල්කඩ වන් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ තේවාව භාර නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වීමේ භාග්‍යය ද හිමි කරගන්නට තරම් මහා වාසනාවන්ත වූයේ ඔබ වහන්සේගේ පැවිදි දිවියේ තවත් එක් අමරණීය මං සලකුණක් සනිටුහන් කරවමිනි.


'යො මුඛසඤ්ඤතො භික්ඛු - මත්තභාණි අනුද්ධතො
අත්ථං ධම්මං ච දීපෙති - මධුරං තස්ස භාසිතං'
යම් භික්ෂුවක් තමන් වහන්සේගේ කට තැන්පත් කරගත්තේද තමන්ගේ පමණ දැන කතා කරයිද සන්සුන් සිත් ඇත්තේද එමෙන්ම අර්ථයත් ධර්මයත් මනාව ප්‍රකාශ කරයිද එම භික්ෂුවගේ කතා විලාසය මිහිරි වේ යන උතුම් සම්බුදු වදන් පෙළ අපේ මහානායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සැබැවින්ම යථාර්ථයක් කළා වූ ආදර්ශවත් මහා තෙර නමකි.


ශාන්ති නායක අමාමෑණී ලොව්තුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමස්ත ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවකින් පෙන්වා වදාළ සවිඤ්ඤාණක - අවිඤ්ඤාණක වූ සියල්ලෙහිම ඇති අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය දැන තථාගතයාණන් වහන්සේ පහදා දුන් ඒ උතුම් වූ සද්ධර්මාවබෝධය ලෝකයාට පසක් කරවීමේ භික්ෂුවක් සතු උත්තුංග කාර්යය සැබැවින්ම ඔබ වහන්සේගෙන් විරාජමාන වන්නා සේම ප්‍රශංසනීය ද වේ.

අද දිනයේ ඔබ වහන්සේ තම දිවියේ 70 වෙනි ජන්ම දිනය මහත් අභිමානයකින් යුතුව සමරන්නා සේම ඔබ වහන්සේගේ පැවිදි දිවියේ ස්වර්ණමය අභිෂේකය වූ ස්ව නිකායත්‍රයේ මහානායක මහා පදවිය ලබා දස වර්ෂ පූර්ණය ද එළැඹෙන ජුනි මස 21 වෙනිදා සපිරීම මහත් භාග්‍යයකි.
දේශයේ අනන්‍යතාව සුරකිමින් පරම පවිත්‍ර වූ සිල්වත් බවත් ගුණවත් බවත් පරහිතකාමීත්වය මෙන්ම පරෝපකාරයත් වෙනුවෙන් නිබඳ කැපවීම් සමුදායක් ඉෂ්ට සිද්ධ කරන ඔබ වහන්සේ සැබැවින්ම ජාතියේ පුණ්‍යවන්ත දායාදයකි. ඔබ වහන්සේගේ අනභිභවනීය වූ ශාසන මාමකත්වයට මා ඇතුළු සමස්ත ජාතියම මේ සුවිශේෂී වූ මොහොතේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනු ලබන්නේ එවන් වූ දීප්තිමත් සඟ මෙහෙවරක් ඉදිරියටත් ඔබ වහන්සේගෙන් විද්‍යාමාන වනු ඇතැයි යන බලාපොරොත්තු දල්වා ගත් දෑසිනි.

තම දිවියෙන් පුරා පණස් හත් වසරක්ම ශ්‍රී සම්බුද්ධ ශාසනය වෙනුවෙන්ම පූජා කළ අපේ අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට, බුද්ධාධි ත්‍රිවිධ රත්නයේ පිහිට ලබා, උතුම් දළදා වහන්සේගේ හා විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ අනුහසින්, ශ්‍රී පාදස්ථානයේ, අටමස්ථානයේ, සොළොස්මස්ථානයේ පිහිටෙන් දඹදිව සම්බුදු පා පහස ලද සිද්ධස්ථානයන්හි පිහිට හා ආශිර්වාද ලබා සියලු සම්‍යක් දෘෂ්ඨික දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණින් නිදුක් නිරෝගීව තවත් චිරාත් කාලයක් ශ්‍රී සම්බුද්ධ ශාසනය ඒකාලෝක කිරීමට අවශ්‍ය කායික හා මානසික ශක්තිය ලැබේවා! යි මෙත් සිත් පෙරටුව මම ප්‍රාර්ථනා කරමි.

මහින්ද රාජපක්ෂ
ජනාධිපති

Thursday, May 29, 2014

අලූත්ගම මුහුදේ ගුවන් යානයක කොටස්

ඊයේ (28) සවස අලූත්ගම - මොරගල්ල ප්‍රදේශයේදී මුහුදු ගිය ධීවරයන් පිරිසකට ගුවන් යානයක යැයි කිව හැකි රෝදයක් හමු වුනා . එම රෝදයි මසුන් ඇල්ලීම සඳහා එලා තිබූ දැලක් පැටලී තිබී ඇත . පසුව එම රෝදය අලූත්ගම පොලිසිය වෙත භාර දෙනු ලැබුවා . මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ශන සිදු කරමින් පවතී .

Wednesday, May 28, 2014

සක්විති පුරුද්ද අත් නොහරී

රුපියල් කෝටි 105 කට අදික මූල්‍ය වංචාවක් නිසා සිරගතව සිටින සක්විති නොහොත් වීරකුමාර රණසිංහ තාමාට බන්ධනාගාර සිර කරුවන්ට ඉංග්‍රීසි උගන්වන්නට අවස්තාවක් දෙන්නැයි බන්ධනාගාරයේ උසස් නිළධාරියෙකුට ප්‍රකාශ කර තිබුනා.



    ඔහුගේ මානසික තත්වය ගැන සිතා බලන විට මෙය හොද යෝජනාවක් යැයි එම නිළධාරියා සදහන් කළා

Tuesday, May 27, 2014

රනිල් 13 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය අනිවාර්ය කරන බව කියයි

සා/පෙළ අසමත් වුවත් වසර 13 ක් පාසල් ධ්‍යාපනය ලැබීම අනිවාර්ය කරන බව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පවසනවා.එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ රටේ සියලූ දරුවන්ට මෙම අවස්තාව හිමි කර දෙන බව එතුමන් ප්‍රකාශ කලේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වෘත්තිකයන් පිරිසක් සමඟ අද (27) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ජාවකින් පසු පිරිස අමතමිනි . අනුව සාමාන්‍ය පෙළ විභාගය අසමත් වූවද, පාසල් තුළ රැඳී සිටීමට සිසුන්ට අවස්ථාව උදාකරන බව ඔහු සඳහන් කළා.

එවැනි දිනයක් යලි කවදා උදා වේදැයි අපට තවමත් ගැටලුවකි 

Monday, May 26, 2014

ඉන්දීය නව අගමැති අද දිවුරුම් දෙයි


ඉන්දියාවේ පහළොස්වන අගමැතිවරයා ලෙස ඉන්දීය භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ අගමැති අපේක්ෂකයා වශයෙන් පසුගිය දා පැවැති ඉන්දීය මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් ඉන්දීය නව අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමා නවදිල්ලියේ දී අද (26) දිවුරුම් දීමට නියමිතය. 

ඉන්දීය නව අගමැතිවරයාගේ ආරාධනය අනුව  ශ්‍රී ලංකා ජනාධිපති, පොදුරාජ්‍ය මණ්ඩලයේ සභාපති, මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ කලාපීය රාජ්‍ය නායකයන් රැසක් සහභාගිවීමට නියමිතය

පසුගිය දා අවසන් වූ ඉන්දීය මහ මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය ආසන 282ක් ජයග්‍රහණය කළ අතර එම පක්ෂය ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඇතුළු පක්ෂ සමඟ සන්ධාන ගතවීමෙන් හිමිකර ගෙන තිබෙන ආසන සංඛ්‍යාව 339කි.

Sunday, May 25, 2014

ජාත්‍යන්තර පාසල්වල විෂයන් 3ක් අනිවාර්ය කිරීමේ ගැසට් නිවේදනය ප‍්‍රකාශයට



ජාත්‍යන්තර සහ පෞද්ගලික පාසල්වල පළමුවන ශ්‍රේ්ණියේ සිට 8 වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන ශ‍්‍රී ලාංකික සිසු දරුවන්ට මව්බස, ආගම සහ ලංකා ඉතිහාසය යන විෂයන් ඉගැන්වීම අනිවාර්ය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පනවන ලද නියෝගයන් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. මේ මස 20 වැනිදා අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවා. ලබන වසරේ නව අධ්‍යාපන වාරයේ සිට සියලූම ජාත්‍යන්තර සහ පෞද්ගලික පාසල් ඔවුන්ගේ විෂය නිර්දේශ සඳහා මෙම විෂයන් ඇතුලත් කරගත යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. ඒ අනුව පළමුවන ශ්‍රේණියේ සිට 8 වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සියලූම ශ‍්‍රී ලාංකික දරුවන්ට අනිවාර්යයෙන් මව්බස ලෙස සිංහල හෝ දෙමළ ඉගැන්විය යුතුයි.

එමෙන්ම පළවන ශ්‍රේණියේ සිට 6 වන ශ්‍රේණිය දක්වා අනිවාර්ය විෂයක් ලෙස ආගම ඉගැන්විය යුතු අතර 7 වන ශ්‍රේණියේ සිට 8 වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන දරුවන්ගේ සාරධර්ම වර්ධනය ඇතිවන පරිදි ආගම විෂය තනි විෂයක් ලෙස ආගමික වැඩසටහන් වශයෙන් සැළසුම් කර හෝ ඉගැන්වීම අනිවාර්ය කර තිබෙනවා. 

පළවන ශ්‍රේනියේ සිට අටවන ශ්‍රේණිය දක්වා ලංකා ඉතිහාසය අනිවාර්යයෙන් ඉගැන්විය යුතු අතර දැනටමත් ඉතිහාසය විෂය ඉගැන්වීම සිදුකරන්නේ නම් ඊට ලංකා ඉතිහාසය ප‍්‍රමාණවත් අන්තර්ගතයක් කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

ලංකාවේ නව මාර්ග සිතියම නිර්මාණය කර අවසන්

ලංකාවේ  නව මාර්ග සිතියම නිර්මාණය කර අවසන් බව ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව පවසයි.අතිරේක මැනුම්පති පී.එම්.පී. උදයකාන්ත මහතා පැවසුවේ, ලබන මාසයේ එය එළි දැක්වීමට නියමිත බව ය.අලුතින් ඉද කළ මාර්ග මෙන් ම අධිවේගී මාර්ග ද නව සිතියමට ඇතුළත් කර ඇති බව ඔහු සඳහන් කළේ ය.උදයකාන්ත මහතා පැවසුවේ, නව සංවර්ධන කටයුතු සමග ඉදිකෙරුණු නව මාර්ග සියල්ල ම අදාළ සිතියමට අන්තර්ගත කර ඇති බව ය.විශේෂයෙන් ම රථ වාහන ධාවනය කළ හැකි සියලු මාර්ග පිළිබඳ තොරතුරු ඒ අනුව සිතියම්ගත කර ඇති බව ය.ඊට අමතරව කොළඹ, මහනුවර, ගාල්ල, යාපනය වැනි ප්‍රධාන නගරවල සියලු ම මාර්ග පිළිබඳ විස්තර සිතියමට අන්තර්ගත කිරීමට පියවරගෙන ඇති බව ද අතිරේක මැනුම්පතිවරයා සඳහන් කළේ ය.ඔහු පැවසුවේ, චන්ද්‍රිකා ඡායාරූප උපයෝගීකර ගනිමින් නව මාර්ග සිතියමට ඇතුළත් කිරීමට පියවරගත් බව ය.අදාළ සිතියම එළිදැක්වීමෙන් පසු එය ඔනෑ ම අයෙකුට මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ ප්‍රාදේශීය කාර්යාලයකින් ලබා ගත හැකි බව ය.

Miss Asia Pacific World 2014 ලංකාවෙන් නියොජනයක්


කොරියාවේ පැවැත්වෙන Miss Asia Pacific World 2014 ශ්‍රි ලංකාවෙන් නියොජනය කරන්නේ සුරුපී නිරුපිකාවක් වන අමන්දා නිලුක්ශිය. එම තරඟයේ අමන්දා ජ‍යග්‍රහණය කරා රැගෙන යාමට අන්තර්ජාලය හරහා මනාපය පල කල හැකිය. මැයි 31 වෙනිදාට කලින් ඔබේ මනාපය ඇයට යොමු කරන්න. http://389437.tbits.me/







Saturday, May 24, 2014

ඉන්දු ලංකා සබඳතාව තර කරන්නට ජනපතිගෙන් උපායක්

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කිරීමේ චෝදනා මත  ආරක්ෂක අංශ භාරයේ පසුවෙන ඉන්දීය ධීවරයින් නිදහස්  කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත .

ඉන්දීය නව අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දීත් සමග දෙරට අතර පවතින රාජතාන්ත්‍රික මිතුරු සබඳතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත . 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ධීවරයින් පිරිසකි .  

විදෙස්ගතවූවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්තාව

ලක්ෂ 20ක ට ආසන්න විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට  මව්බිමේ පැවැත්වෙන මැතිවරණ වලට සහභාගී වන්නට අවස්තාවක් ලබා දෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය හරහා දැනගන්නට ලැබේ ඇත . 

ඡන්දය භාවිතා කිරීමට තමන්ටද අවස්තාවක් ලබා දෙන  ලෙස ඔවුන් මැතිවරණ කාර්යාලයට කරන ලද ඉල්ලීමක් සලකා බලමින් මෙම තීරණය ගත් බව එම  කාර්යාලය සඳහන් කරයි . 


ඒ සඳහා වන අවස්තාව සම්බන්ධයෙන් මැතිවරණ කාර්යාලය මේ වන විට සිය අවධානය යොමු කරමින් සිටී  

අද උල්කාපාත වර්ෂාවක්

 
උල්කාපාත වර්ෂාවක් දැක ගැනීමේ අවස්ථාව අද (24) ලෝකවාසීන්ට උදාවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. 
 
ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 01.00ට පමණ මෙම උල්කාපාත වර්ෂාව ආරම්භවන අතර ශ්‍රී ලංකාවට මෙම අවස්ථාව දැක බලා ගැනීම දුෂ්කර  වේ. එහෙත් අමෙරිකාවට සහ කැනඩාවට මෙම උල්කා වර්ෂාව හොඳින් නිරීක්ෂණය කළ හැකිය. 
 
මෙම උල්කා වර්ෂාව අලුතින්ම හඳුනා ගත් එකක් වේ.

වයඹ පළාත් අන්තර් දිස්ත්‍රික් පිහිනුම් තරග හෙට



වයඹ පළාත් අන්තර් දිස්ත්‍රික් පිහිනුම් තරගාවලිය හෙට (25) පෙරවරු 9.00 සිට කුලියාපිටිය ජනාධිපති ශිල්ප ශාලිකා පිහිනුම් තටාකයේදී පැවැත්වේ.
 
මේ සඳහා කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික් නියෝජනය කරමින් තරගකරුවන් රැසක් එක්වීමට නියමිතය.

Thursday, May 22, 2014

දෙවැනියට ලොව ධනවත් නළුවා ශාරුක්

වෙල්ත් එක්ස් නම් ජාත්‍යන්තර සමීක්ෂණයකට අනුව පසුගියදා දෙවැනියට ලොව දනවත්ම නළුවා ලෙස සුප්‍රකට ඉන්දීය බොලිවුඩ් නළු ශාරුක් කාන් නම් කර තිබුනා . මෙහි ප්‍රතම ස්තානය හිමි වී තුබුනේ ඇමරිකාවේ ජෙරි සයින්ෆීල්ඞ් නම් විකට නළුවෙකුට න අතර ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 820 ක් බවද ශාරුක් කාන් ගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 600 ක්  වන බවද එම සමීක්ශණය වැඩි දුරටත් හෙලි කර තිබුනා

අද ශ්‍රී ලංකා එංගලන්ත පළමු එක් දින තරගය


ශ්‍රී ලංකා එංගලන්ත පළමු එක් දින තරගය අද ඕවල්හිදී
 
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර  පැවැත්වෙන පන්දුවාර 50 එක් දින ජාත්‍යන්තර තරග 5න් ප්‍රථම තරගය අද (22) ඕවල් පිටියේදී ශ්‍රී ලංකා වේලාවෙන් සවස 5.30 ට ආරම්භ කෙරේ.
ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන අතර  පන්දුවාර 20 යි 20 තරගාවලියෙන් සමුගෙන සිටින මහේල ජයවර්ධන හා කුමාර සංගක්කාර මෙවර 16 දෙනෙකුගෙන් යුත් සංචිතයට ඇතුලත්ව සිටිති.

ඇලිස්ටෙයාර් කුක්,ජේම්ස් ඇන්ඩර්සන් සහ ගැරී බැලන්ස් එංගලන්ත ප්‍රථම තරග 3 සංචිතයට ඇතුලත්ව සිටින අතර ඇලෙක්ස් හේල්ස්  සහ මොයීන් අලී  එංගලන්ත සංචිතයට ඇතුලත්ව සිටිති.

ශ්‍රී ලංකා සංචිතය - ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න (උපනායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් පෙරේරා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, අෂාන් ප්‍රියංජන්, සචිත්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස්, චතුරංග ද සිල්වා, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, ධම්මික ප්‍රසාද්

එංගලන්ත සංචිතය -  ඇලිස්ටෙයාර් කුක් (නායක), ජේම්ස් ඇන්ඩර්සන් (උපනායක), ගැරී බැලන්ස්, ඉයන් බෙල්, රවී බොපරා, ටිම් බ්‍රෙස්නන්, ජොස් බට්ලර්, මයිකල් කාබෙරි, හැරී ගානි, ක්‍රිස් ජෝර්ඩ්න්, ඔයින් මෝගන්, ජෝ රූට්, ජේම්ස් ට්‍රෙඩ්වෙල් සහ ක්‍රිස් වෝක්ස්

Wednesday, May 21, 2014

ලෝක ජෛව විවිධත්ව දිනය අදයි

"සාගර ජෛව විවිධත්වය" ලෙස තේමා කර ගත් ලෝක ජෛව විවිධත්ව දිනය අදට යෙදී තිබෙනවා . ලෝක පරිසරයට හානි නොකර කටයුතු කිරීම ජනතාවගේ යුතුකමක් බව පරිසරවේදීන් අවදාරණය කරනවා

ප්‍රතම තාක්‍ෂණ අධ්‍යාපන විද්‍යා පීඨය ඇරඹෙන ලකුණු

තාක්ශන විශය අධ්‍යපන හදුන්වාදීමත් සමඟ ඊට අවශ්‍ය විද්‍යා පීඨයක අවශ්‍යතාවය දැනෙන්නට විය . ඒ අනුව එම නව  විශය ඉගැන්වීම සඳහා ගුරුවරුන් පුහුණු කෙරෙන  විද්‍යා පීඨයක් තඹුත්තේගමදී ලබන 02 වැනි දින ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.මෙයට සමගාමීව ලංකාව පුරා තාක්‍ෂණ විද්‍යා පීඨ 250ක් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති 2014 ලෝක නව නිපැයුම්කරුවන්ගේ තරගයෙන් රටවල් 172ක් අතරින් කර්මාන්ත අංශයෙන් ප‍්‍රථම ස්ථානය සහ සමස්ත තරගාවලියෙන් දෙවන ස්ථානය ද හිමි කර ගත් තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ 12 වෙනි වසරේ ඉගෙනුම ලබන ඩබ්ලිව්.ඒ. නාමල් උදාර පියසිරි ශිෂ්‍යයා පාසලට්ට මව්බිමා අහ් කර දුන් කීර්ට්තිය අගයමින් මෙම තීර ගෙන ඇත. එම ශිශ්‍ය  වෙනුවෙන් පැවැති උපහාර උත්සවයේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

අන්තර් ජාතික ජෛව විවිධත්ව දින සැමරුම හෙට


හෙටට (22) යෙදෙන අන්තර් ජාතික ජෛව විවිධත්ව දින සැමරුම් උත්සවය මේ වසරේදීත් "දූපත් ජෛව විවිධත්වය" යන තේමාව යටතේ ජෛව විවිධත්ව ඒකකය හා පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලැබ තිබේ.

මෙම උත්සවය පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ හා තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පරිසර හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල් කාදර් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් හෙට (22) පෙරවරු 8.30ට පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සප්ත පරිසර මණ්ඩපයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව 1992 වසරේ සිට අන්තර්ජාතික ජෛව විවිධත්ව සම්මුතියේ පාර්ශව රටක් වශයෙන් කටයුතු කරන අතර, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය එම සම්මුතියේ ජාතික කේන්ද්‍රස්ථානය ලෙස කටයුතු කරයි. මේ වසරේ සැමරුම් උත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් එළි දැක්වීමද සිදු වන අතර, ජෛව විවිධත්වය පෝස්ටර් තරගයේ ජයග්‍රාහකයින්හට ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය ද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු වීමට නියමිතය.

ටී.බී. ඉලංගරත්න 22වන ගුණ සැමරුම අද

 
ටී.බී. ඉලංගරත්න ශුරින් අභාවයට පත්වී අද (21)ට වසර 22ක් සපිරේ.
 
1913 පෙබරවාරි 27වන දින මහනුවර දිස්ත්‍රික්කයේ, තුම්පනේ, හතරලියද්ද වැලිගොඩපොලදී උපත ලද ඉලංගරත්න සූරින් 1992 මැයි 21 වැනිදා අභාවයට පත්විය.
 
1 917 දී ඔහු ගල ගෙදර විද්‍යාලයෙන් පාසල් යාම ආරම්භ කළ අතර ඔහු‍ගේ ද්වීතීක අධ්‍යාපනය ශාන්ත අන්තෝනි  විද්‍යාලයෙන් ලබා ගන්නා ලදී. ඉලංගරත්න තම පාසල් කාලය තුළදී අකීකරු පුතා , හෙමින් හෙමින් හා අන්ධ නැන්දා යනුවෙන් නාට්‍යය 3ක් ලියන ලදී. 
 
පාසලෙන් නික්ම යාමෙන් පසු ඉලංගරත්න ලන්ඩන් විභාගය සමත් වූ අතර රජය සඳහා ලිපිකරුවෙකු ලෙස සේවය කිරීම ආරම්භ කරන ලදී. 1947 දී ඉලංගරත්න මහතා  රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වූ අතර ස්වාධීන සමාජවාදී අපේක්ෂකයෙකු ලෙස මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව සඳහා තේරී පත්විය. ඔහු 1948 මැයි 18 වන දින දිවුරුම් දුන්නේ ශ්‍රී ලංකා රජයේ දශක 3ක් දිගු වෘත්තීය ජීවිතයක් ආරම්භ කරමිනි. 
 
මෙතුමා ආණ්ඩුව නියෝජනය කරන සමයේ දී සේවක අර්ථ සාධක අරමුදල, ජාතික බැංකුව හා ශ්‍රී ලංකාවේ කම්කරු දිනය ආරම්භ කිරීමට සහාය දෙන ලදී. 1974 දී ඔහු  වැඩබලන අගමැතිවරයා ලෙස ද තම සේවය පිරිනමන ලදී . ඉලංගරත්න මහතා1986 අප්‍රේල් 12 වන දා දේශපාලනයෙන් සමුගත්තේය.

Tuesday, May 20, 2014

අතුරුදන් ගුවන් යානය සිනමාවට (The Vanishing Act)





ලෝකයම මවිත කරමින් පසුගියදා අතුරුදන් වූ MH - 370 ගුවන් යානය තවමත් අභිරහසකි . එය ලොව පුරා මිනිසුන්ගේ මතකයෙන් ගිලිහී යන්නටත් මත්තෙන් එය අලලා චිත්‍රපටයක් නිර්මානය කරන්නට ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ශක රුපේෂ් පෝල් තීරණය කර ඇත . මෙහි වියදම ඩොලර් මිලියන 3.5 ක් ලෙස ඇස්තමේන්තුගතව ඇත . එළඹෙන අගෝස්තු මාසයේ එළිදක්වන්නට නියමිත මෙම චිත්‍රපටය සුප්‍රකට ටයිටැනික් අභිබවනු ඇතැයි බොහෝ දෙනා සදහන් කරනවා . එම චිත්‍රපටයේ පූර්ව හැදින්වීන් වීඩියෝව පහතින්


බම්බලපිටියේ පාසල් ගුරුවරියක් ගෙල වැලලාගනී

බම්බලපිටිය ප්‍රදේශයේ  පාසලක ගුරුවරයෙක් ගෙල වැලලාගෙන මිය ගොස් ඇත . එම පාසලේ ශාරීරික අධ්‍යාපනය  විශය උගන්වන 37 හැවිරිදි ගුරුවරයෙකු මෙසේ ගෙලවැලලාගෙන ඇති අතර එම ගුරුවරයා පාසල් නේවාසිකාගරයේ නවාතැන්ව සිටි අයෙකු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළා . සිද්දිය පිළිබඳ තවමත් විමර්ශණ කටයුතු සිදු කරමින් පවතී

ජනපති චීනයේදී රාජ්‍ය නායකයින් හමු වෙයි


ජනපති රාජ්‍ය ප්‍රධානීන් හමුවේ

   ජනාධිපති තුමන් චීන සංචාරය අතරතුරදී රජ්‍ය නායක හමුව ඊයේ (20)ෂැංහයි අන්තර්ජාතික සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ දී පැවැත්විණ . මෙහිදී රාජ්‍ය නායක්යින් බෝජන සංග්‍රහයකට එක් වූ අතර චීන ජනාධිපති Xi Jinping මහතා විසින් ජනාධිපති රාජපක්ශ මහතා පිලිගන්නා ලදි .මෙම මංගල භෝජන සංග්‍රහය  චීන ජනාධිපතිXi Jinping මහතා සහ ජනාධිපති ආර්යා Peng Liyuan මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය .

අවසානයේ අන්තර් ක‍්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක‍්‍රියාමාර්ග පිළිබඳ 4 වැනි සමුළුවට සහභාගිවීම සඳහා එහි පැමිණ සිටින රාජ්‍ය නායකයින් චීන ජනාධිපතිවරයා හා ජනාධිපති ආර්යාව සමඟ සමූහ ඡායාරූපයකටද එක් විය



HE MET HEAD OF STATE 3

ත්‍රස්තවාදී සැමරුමට ජ.නි.පෙ විරෝධය

      
   පසුගිය 18 වනදා යාපනය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකදී දෙමළ ජාතික සංධානය විසින් ත්‍රස්තාවාදී සැමරුම් උළෙල කිහිපයක් පැවත්වීමට කටයුතු කර තිබූ බවත් ඒ සඳහා එම සංධානයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ද සහභාගී වූ බව ජාතික නිදහස් පෙරමුන සදහන් කලා . 
        එම කණ්ඩායම් වලට එරෙහිව නීතිමය ක්‍රියාමර්ග වලට එලඹෙන ලෙසද ජා.නි.පෙරමුන ඉල්ලීමක් කරයි . එය ශ්‍රී ලංකාවේ පවතින නීතිඅ උල්ලංගණය කිරීමක් බවද ඔවුන් තවදුරටත් අවධාරණය කරයි 

Monday, May 19, 2014

සිව්වන වරටත් සාර්ක් චිත්‍රපට උළෙල ඇරඹේ

සංස්කෘතික හා කලා කටයතු අමාත‍ය ටී.බී ඒකනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය සිව්වන වරටත් සංවිධානය කරන 'සාර්ක් චිත්‍රපට උළෙල' ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේ දී අදින්(20) ආරම්භ වේ. මැයි 25 දක්වා චිත්‍රපට උළෙල පැවැත්වෙන අතර සාර්ක් රටවල් නියෝජනය කරමින් චිත්‍රපට ප්‍රදර්ශනය වීමට නියමිතය.

සාරංග පතිරණ හා පුබුදු රත්නායක Pre-Shoot



හිරු රුපවාහිනි නාලිකවේ නිවේදකයෙකු ලෙස කටයුතු කරන සාරංග පතිරණ හා නිවේදිකා පුබුදු රත්නායක ලබන 21 වෙනිදා විවාහ වීමට නියමිතයි. විවාහයට පෙර ඔවුන් දෙපළ ලබාගත් ඡායාරූප කිහිපයක් පහතින් වේ.