Monday, May 19, 2014

Rubik’s Cube උපකරණයේ 40 වන සංවත්සරය: Google තුළින් Rubik’s Cube


ලොව පුරා කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා ක්‍රීඩා කර ඇති රූබිස් කියුබ් (Rubik’s Cube) නම් උපකරණය නිපදවා අදට වසර 40ක් සපිරේ.
එය Ernő Rubik නමැති හංගේරියානු ජාතික ගෘහනිර්මාණ ශිල්පියා විසින් නිපදවනු ලැබුවේ 1974 වසරේදී ය.
එහෙත් එය හංගේරියාවෙන් පිටත ලොව සෙසු රටවලට ව්‍යාප්ත වූයේ, 1980 වසරේ සිට ය.
මෙය මොළය වර්ධනය වීම සඳහා ඕනෑ ම වයසක සිටින පුද්ගලයෙකුට ක්‍රීඩා කළ හැකි ප්‍රකට උපකරණයකි.
මෙම උපකරණය නිපදවූ Ernő Rubikට උපහාර පිණිස Google වෙබ් පිටුවෙහි මෙය ඉන්ටර්නෙට් හරහා ක්‍රීඩා කිරීමට අවස්ථාව සලසා තිබේ.

අයිෂ්වර්යා – අභිෂේක් දික්කසාද පුවත ගැන අභිෂේක් භච්චන් පිළිතුරු දෙයි


තමන් ‍අයිෂ්වර්යා රායිගෙන් දික්කසාද වන බවට මාධ්‍යවල පළවන වාර්තා කෙරෙහි බොලිවුඩ් නළු අභිෂේක් භච්චන් දැඩි ලෙස කෝපාන්විතව ප්‍රතිචාර දක්වා තිබේ.
ඔහු Twitter වෙබ් අඩවිය ඔස්සේ සිය කෝපය පළ කර ඇත්තේ, කාව්‍යාත්මක විලාසයකට ය.
එම අපූරු Tweet පණිවිඩය පහත දැක්වේ.
ඉන් කියැවෙන්නේ, සිය දික්කසාදය පිළිබඳව තමන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යයට තමන් ස්තූතිවන්ත වන බව ය. දික්කසාදයෙන් පසු තමන් යළි විවාහ වන දිනය ද මාධ්‍ය මගින් දැන ගැනීමට අපේක්ෂා කරන බව ද අභිෂේක් පවසා තිබේ.
මෙම Tweet පණිවිඩය කෙරෙහි ඉන්දීය මාධ්‍යවල මෙන් ම බොලිවුඩ් සිනමා ක්ෂේත්‍රය තුළ ද දැඩි අවධානයක් යොමුව ඇත.

මාතෘ භූමියේ නාමය ලොව රැන්දු පුංචි හපනුන්ට ජනපතිගෙන් සුබ පැතුම්

 
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි පැවැති අන්තර් ජාතික විද්‍යා හා ඉංජිනේරු ප්‍රදර්ශනයේ ජයග්‍රහණ ලබාගත් සිසුන් අද (19) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු විය.
 
තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ ඩබ්.ඒ. නාමල් උදාර, කඳාන දි මැසිනඩ් විද්‍යාලයේ නිපුන් කවිෂ්ක, කොළඹ නාලන්දා විද්‍යාලයේ රකිත දිල්ශාන් මාලේවන සිසුන් මෙලෙස ජනාධිපතිතුමා හමුවූවන් අතර වේ.
 
මාතෘ භූමියේ නාමය ලොව රැන්දු පුංචි හපනුන්ට මෙහිදී තම උණුසුම් සුබ පැතුම් පිරිනැමූ ජනාධිපතිතුමා ඔවුන්ගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමටද ආශිර්වාදය පැතීය. මොවුන්ගේ දක්ෂතා අගයමින් ජනාධිපතිතුමා ඔවුන් වෙත මුදල් තිළිණද ප්‍රදානය කළේය.
 
අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, අමාත්‍යවරුන් වන තිස්ස කරලියද්ද, එස්.එම්. චන්ද්‍රසේන, පාඨලී චම්පික රණවක, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
 

Sunday, May 18, 2014

ලබන සතියේ ජනපති චීනයට


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබන සතියේ චීනයේ සංචාරයක් අරඹනවා. මැයි 20 වැනිදා සිට 22 වැනිදා දක්වා ෂැන්හයි නුවර පැවැත්වෙන සමුළුවට සහභාගිවීම එහි ප‍්‍රධාන අරමුණයි. ආසියාවේ ආත්ම විශ්වාසය ගොඩනැංවීමේ සහ ප‍්‍රතිචාර දැක්වීමේ සිව්වන සමුළුවයි එහි පැවැත්වෙන්නේ. ඒ සඳහා ඉරාන සහ රුසියානු ජනාධිපතිවරුන් මෙන්ම ජගත් සංවිධාන මහ ලේකම් බෑන් කී මූන් ද සහභාගිවීමට නියමිතයි. සාමය, ස්ථාවර භාවය සහ සහයෝගීතාව පදනම් කරගත් නව ආසියාවක් ගොඩනැගීම සඳහා අනෝන්‍ය විශ්වාසය ගොඩනැංවීම සහ සංවාදය මෙම සමුළුවේ  තේමාවයි. මෙම සමුළුවට ශ‍්‍රී ලංකාව සහභාගිවන්නේ ප‍්‍රථම වතාවටයි.

කෙසේ නමුත් 2013 වසරේ සමුළුවට ශ‍්‍රී ලංකාව නිරීක්ෂණ මට්ටමෙන් සහභාගි වුනා. මෙවර ෂැංහයි සමුළුව සඳහා සාමාජික රටවල් 24 ක් සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුලූ රටවල් 9 ක් නිරීක්ෂණ මට්ටමෙන් සහභාගි වනවා.

2014 අ.පො.ස. (සා/පෙළ) අයදුම්පත් කැඳවීම ලබන 20දා සිට


2014 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අයදුම්පත් කැඳවීම ලබන 20 වැනිදා සිට සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.ඒ අනුව මේ අයදුම්පත් අනිද්දා සිට ජූනි මස 20 වැනි දින දක්වා භාරගැනීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරන බවත් ඊට අදාළ ගැසට් නිවේදනය ලබන 20දා ජාතික පුවත්පත්වල පළකරන බවත් විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

විජයග්‍රහණයේ 05 වෙනි සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් මාතරදී

ත්‍රස්තවාදය නිමා කර මාතෘ භූමියට නිදහස දිනාගැනීමේ ඓතිහාසික දිනය සිහිපත් කෙරෙන විජයග්‍රහණයේ 05 වෙනි සැමරුම් උළෙල සේනාධිනායක, ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ මාතර වෙරළ උද්‍යානයේදී පැවැත්විණි.

සිය යුද ශක්තිය ප්‍රදර්ශනය කරමින් යුද, ගුවන්, නාවික, පොලිස් හා සිවිල් ආරක්ෂක බකායේ සාමාජිකයෝ දස දහසක පමණ පිරිසක් විජයග්‍රහණ සැමරුම් පෙළපාළියට එක් වූහ.

ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය, අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ඇතුළු මැති ඇමතිවරුන්, රජයේ නිලධාරීහු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.








Friday, May 16, 2014

ලා ඕස ආරක්ෂක ඇමතිවරයා ගමන් ගත් ගුවන් යානය කඩා වැටේ


ලා ඕසයේ ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ගමන් කළ ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා. ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු 20 දෙනෙකු එහි ගමන් කර ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. ලා ඕස ගුවන් හමුදාවට අයත් මෙම යානය උතුරු තායිලන්තයේදී මෙලෙස කඩා වැටී ඇති බව තායිලන්ත විදේශ අමාත්‍යාංශය තහවුරු කළා. එහි ගමන් කළ පිරිසට සිදුවු හානිය පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නැහැ.

දන්සැල් දෙකකට නඩු


ඉතිහාසයේ ප‍්‍රථමවරට වෙසක් දන්සැල් දෙකකට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදුවූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ප‍්‍රධාන ලේකම් සී.එස්. මුතුකුඩ හිරු ප‍්‍රවෘත්ති අංශයට සදහන් කළේ දිවයින පුරා දන්සැල් 7118ක් පවත්වා ඇති බවයි.

රණවිරු සැමරුම් උළෙල 19 දා ජනපතිගේ ප්‍රධානත්වයෙන්

 
වීරෝදාර රණවිරුවන් සැමරෙන ජාතික රණවිරු උළෙල අනිද්දා (19) සවස 4.30 ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වේ.
 
හිරු බැස යන මොහො‍තේ රණවිරුවන් උදෙසා ජනාධිපතිතුමා ස්මාරකය අභියස මල් කළඹක් පුදා උළෙල අරඹයි. මියගිය විරුවන්ගේ ළඟම ඥාතීන්, ආබාධිත විරුවන් ඇතුළු විශාල පිරිසක් මෙමම අවස්ථාවට එක්වීමට නියමිතව ඇත.
 
මියගිය විරුවන්ගේ දරුවන් පහනක් දල්වා මෙහිදී සිය මියගිය රණවිරු පියා සිහි කරන අතර පහනක් දල්වා සෑම රටවැසියකුම එම අවස්ථාව සමරන ලෙසත්, රණවිරු සේවා අධිකාරිය ඉල්ලීමක් කරයි.
 

රුහුණු සරසවි නාට්‍ය උළෙල අද සිට

 
රුහුණු විශ්වවිද්‍යාලය වාර්ෂිකව සංවිධානය කරනු ලබන නාට්‍ය උළෙල අද (17) සිට 23 වනදා දක්වා මාතර, වැල්ලමඩම විශ්වවිද්‍යාල ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.
 
නාට්‍ය උළෙල සඳහා මෑත කාලයේ ප්‍රේක්ෂක හා විචාරක අවධානයට යොමු වූ නාට්‍ය හතක් වේදිකාගත කිරීමට කටයුතු යොදා ඇත. 
 
ඒ අනුව අද චාමික හත්තලමවත්තගේ "මකරට", 18 දා ජයලත් මනෝරත්නගේ "සෙල්ලම් නිරිඳු", 19දා බුද්ධික දමයන්තගේ "චේ ගුවේරා", 20 දා රාජිත දිසානායකගේ "ආදර වස්තුව", 21දා සුදත් අබේසිරිවර්ධනගේ "අලුත් ගේම් එකක්", "මගේ කාලයේ වීරයෙක්", "රෙස්ලිං රෙස්ලිං", 22දා කෞෂල්‍ය ප්‍රනාන්දුගේ "මාක්ස්" සහ 23දා ධනංජය කරුණාරත්නගේ "ඇසිඩ් වැස්ස" වේදිකාගත කිරීමට නියමිතය.
 
රුහුණු විශ්වවිද්‍යාලයීය නාට්‍ය උළෙල මෙවර පැවැත්වෙන්නේ තෙවැනි වරටය.
 

චීනයෙන් මෙතෙක් පැමිණි ජ්‍යේෂ්ඨතම හමුදා දූත පිරිස ජනපති හමුවෙති



චීනයේ මධ්‍යම මිලිටරි කොමිසමේ උප සභාපති එයාර් චීෆ් මාෂල් සූ ක්විලියැං (Air Chief Marshal Xu Qiliang) මහතා ඊයේ (16) අරලිය ගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හමු විය.

චීනය සහ ශ‍්‍රී ලංකාව අතර “උපාය මාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය” තවදුරටත් තර කිරීම සහ දෙරට හා දෙරටේ සන්නද්ධ හමුදා අතර සබඳතා නව තලයකට නැංවීම සිය චාරිකාවේ අරමුණ බව සූ මහතා පැවසීය.

ශ‍්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා “මනා පුහුණුවකින් සහ මනා කළමනාකරණයකින් යුක්ත”යැයි හැඳින්වූ සූ මහතා, චීනය දෙරට අතර මිලිටරි සබඳතා ප‍්‍රමුඛතාවක් සේ සලකන බව කීය. ත‍්‍රස්තවාදය පරාජය කොට කඩිනම් සංවර්ධනයක් අත්කර ගැනීම පිළිබඳව ඔහු ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා වෙත සිය ප‍්‍රසාදය පළ කළේය.

“ඔබතුමා විශිෂ්ට නායකත්ව ගුණයෙන් හෙබි ගෞරවාදරයට පාත‍්‍ර වූ රාජ්‍ය තාන්ත‍්‍රිකයකු බව අප සියලු දෙනා දන්නවා. ත‍්‍රස්තවාදය පරාජය කළ ඔබ ශ්‍රේෂ්ඨ වීරයෙක්. එල්ටීටීඊ ය සමග සටනින් ඔබ අත්කර ගත් සාර්ථකත්වය මෙන්ම යුද්ධයෙන් පසු රට නැවත ගොඩනැගීම අප අගය කරනවා. ගැටුම අවසන් වී පස් වසක් වැනි කෙටිකලක් ඇතුළත ජනතාව සාමයෙන් ජීවත්වනු දක්නට පිළිවන්. ඔවුන් සාමය, ස්ථාවරත්වය හා සංවර්ධනය භුක්ති විඳිනවා. මෙය නිසැකවම ශ්‍රේෂ්ඨ ජයග‍්‍රහණයක්”, සූ මහතා සඳහන් කළේය.

අන්තර්ජාතික සහ කලාපීය කරුණු සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව චීනයට දිගටම සහය දෙන බවට ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා සහතික විය. “එක් චීනයක්” පිළිබඳ ප‍්‍රතිපත්තිය සහ දකුණු චීන මුහුද ආශ‍්‍රිත තත්ත්වයන් එතුමා ඊට නිදසුන් ලෙස දැක්වීය. “චීනය පිළිබඳ අපේ ප‍්‍රතිපත්ති කිසිවිටෙකත් වෙනස් වී නැහැ. ඉදිරියටත් වෙනස් වන්නේ නැහැ. අපේ ස්ථාවරය ඉතා පැහැදිලියි”, ජනාධිපතිතුමා පැවසීය.

ත‍්‍රස්තවාදය පරාජය කිරීමටත්, යටිතල පහසුකම් හා ආර්ථික සංවර්ධන ක්ෂේත‍්‍රවල මෙන්ම අන්තර්ජාතික වේදිකාවල දීත් ලැබුණු සහයෝගය පිළිබඳව ජනාධිපතිතුමා චීනයට ස්තුතිය පුද කළේය. “එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ දී අපට දැක්වූ සහයෝගය ගැන ඔබේ රජයට සහ ජනතාවට අප කෘතඥ විය යුතුයි”, රාජපක්‍ෂ මැතිතුමා සඳහන් කළේය.

චීනයේ සහ ශ‍්‍රී ලංකාවේ ජනතාවන් අතර මිත‍්‍රත්වය වසර 2,000 ක් තරම් පැරණි දිගුකාලීන එකක් බව කී සූ මහතා, මේ මිතුදම තවදුරටත් වර්ධනය කිරීම චීනයේ අපේක්‍ෂාව යයි පැවසීය. “ජනතාව අතර සංස්කෘතික සහ මානුෂීය බැඳීම් බිඳ දැමීමට නොහැකියි. මේ මිත‍්‍රත්වය ඔවුන්ගේ හදවත්වලට දැනෙන අතර මුහුණුවලින් පිළිබිඹු වෙනවා. අපේ ජනතාවන්ට වඩා හොඳ ජීවන තත්ත්වයක් අත්කර දීම අපේ පොදු අපේක්‍ෂාවයි”, ඔහු වැඩිදුරටත් පැවසීය.

අද ජනාධිපතිතුමා හමු වූයේ චීනයෙන් ශ‍්‍රී ලංකාවට මෙතෙක් පැමිණි ජ්‍යේෂ්ඨතම මිලිටරි දූත පිරිස බව තානාපති කාර්යාල නිලධාරීහු සඳහන් කළහ. ශ‍්‍රී ලංකාවේ චීන තානාපති වූ ජියෑංහා ඕ මහතා සහ විශාල මිලිටරි දූත පිරිසක් සූ මහතා සමග වූහ.

ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ, ජනාධිපති කාර්යමණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත් යන මහත්වරු, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කේ.ඒ. ගුණතිලක මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ආසියානු හා පොදුරදමඩුළු ක්‍රීඩා තේරීම් තරග අද හෙට

 
පොදරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහ ආසියාතික ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීම් තරග අද (17) සහ හෙට (18) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. 
 
පෙරවරු 8.00 සිට පැවැත්වෙන මෙම තේරීම් තරග සඳහා දැනට ජාතික පුහුණු සංචිතවල සිටින සියලුම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගිවන ලෙස ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය දැනුම් දෙයි.
 
මෙම තේරීම් තරගවලින් අනතුරුව ජාතික පුහුණු සංචිත නැවත පිහිටුවන අතර නැවතත් තේරීම් තරග නොපැවැත්වෙන බව පෙන්වා දෙන මලල ක්‍රීඩා සංගමය සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ යෝග්‍යතා පරීක්ෂණ තරග පමණක් ලබන ජුනි 05දා සුතගදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන බවත් සඳහන් කරයි.
 
පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල එළැඹෙන ජූලි මාසයේ දී ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී පැවැත්වීමට නියමිතව ඇති අතර සැප්තැම්බර් මාසයේ දී කොරියාවේ ඉවයෝන් නුවරදී ආසියාතික ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතය.

සාර්ක් චිත‍්‍රපට උළෙල 20 සිට 25 දක්වා

 
සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය සිව්වන වරටත් සංවිධානය කරන සාර්ක් චිත‍්‍රපට උළෙල 22දින සිට 25 වන දින දක්වා ශ‍්‍රී ලංකා ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සිනමා ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
 
මෙම චිත‍්‍රපට උළෙල සඳහා දකුණු ආසියානු කලාපීය සාමාජික රාජ්‍යයන් වන ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින , නේපාලය, පාකිස්ථානය හා ශ‍්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරනු ලබයි. 
 
සාර්ක් චිත‍්‍රපට උළෙල සඳහා වෘතාන්ත හා කෙටි චිත‍්‍රපට ප‍්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කෙරෙන අතර සියලු චිත‍්‍රපට දර්ශන මහජනතාවට නොමිලේ නැරඹීමේ අවස්ථාව හිමිවේ.
මෙහි සමාරම්භක උත්සවය 20දා පස්වරු 5.30ට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකා ජාතික චිත‍්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී පැවැත්වේ. මෙම උළෙල සඳහා ඒ ඒ රටවල් නියෝජනය කරනු ලබන චිත‍්‍රපටවල අධ්‍යක්ෂකවරුන් හා නළු නිළියන් ද සහභාගීවීමට නියමිතය. 
 
මෙම උළෙලේදී දකුණු ආසියානු රටවල හොඳම චිත‍්‍රපට නැරඹීමට චිත‍්‍රපට ලෝලීන්ට ලැබෙන අද්විතීය අවස්ථාවක් වන අතර චිත‍්‍රපට කලා මාධ්‍යයේ නියැලී සිටින සහ ඒ පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාටම මෙම චිත‍්‍රපට උළෙල නැරඹීමට පැමිණෙන ලෙස සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටියි.

මාලබේ ආදර්ශ විද්‍යාලයීය තොරණ නැරබීමට අති විශාල පිරිසක්



මාලබේ ආදර්ෂ පිරිමි විද්‍යාලයීය මාධ්‍ය ඒකකය 04 වන වරටත් ඉදිරිපත් කරනු ලබන වෙසක් තොරණ 14 වෙනිදා විද්‍යාලීය විදුහල්පති සිසිර ගුණරත්න මහතා අතින් විවෘත විය. එම තොරණ දැක බලා ගැනීම සඳහා ඊයේ (15) වන දින  පළාත් සභා මන්ත්‍රී හෙක්ටර් බෙත්මගේ මන්ත්‍රීතුමා හා පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මන්තීවරුන් එක් විය. .පාසලක් විසින් නිර්මාණය කරනු ලැබු විශාලතම තොරණ මෙය බව එම විද්‍යාලයේ විදුහල්පති සඳහන් කළේය .මෙම තොරණ තවත් දින දෙකක් මහජන ප්‍රදර්ෂනයට විවෘතයි.





 OFFICIAL ONLINE MEDIA PARTNER Kit Online Magazine  l www.kitlk.com l TGA MEDIA NETWORK
Photographed By - Tharindu Lakshan    Script by  - Dhanani Dinesha

එල්.ටී.ටී.ඊ. සංවිධානය තවත් අවුරුදු 05කට ඉන්දියාවේ තහනම්


ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය තවත් අවුරුදු 05ක් යනතුරු තහනම් සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

1967 වර්ෂයේ ඉන්දියාවේ පනවන ලද නීති විරෝධී ක්‍රියාවන් මැඩ පැවැත්වීමේ පනත යටතේ එල්.ටී.ටී.ඊ. සංවිධානය තවදුරටත් පසුගිය 14 වන දින සිට ඉදිරි අවුරුදු 05ක කාලයක් සඳහා තහනම් හා නීති විරෝධී සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

1991 වසරේදී හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා එල්.ටී.ටී.ඊ.ය විසින් ඝාතනය කරනු ලැබීමෙන් අනතුරුව ඉන්දියාව තුළ එම සංවිධානය ප්‍රථම වරට තහනම් සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය. නැවත 2012 මැයි මාසයේදී එම තහනම දීර්ඝ කරනු ලැබීය. එම අවුරුද්දේ නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව ශ්‍රී ලංකාවේ බිහිවී තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ආධාරකරුවන්, අනුගාමිකයන් හා නියෝජිතයන් ඉන්දියාවේද සිටින බවත් ඔවුන්ගේ අභිප්‍රාය වනුයේ ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් වෙනම ඊලාම් රාජ්‍යයක් බිහිකිරීම බවත් සඳහන් කර තිබූ අතර එය නීති විරෝධී මෙන්ම ඉන්දියාවේ භෞමික ඒකාග්‍රතාවට ඉමහත් තර්ජනයක් වන බව ද සඳහන් කර තිබුණි.

ශ්‍රී ලංකාව තුළ 2009 වර්ෂයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත්වීමෙන් පසුව පවා එකී සංවිධානය විසින් වෙනම ඊලාම් රාජ්‍යයක් බිහිකිරීමේ සංකල්පය අතහැර නැති බවත් ඔවුන් සතු අරමුදල් තවදුරටත් ලෝකයේ විවිධ රටවල්වල සිටින සිය ආධාරකරුවන් මාර්ගයෙන් තරකරමින් තවදුරටත් නීති විරෝධී ක්‍රියා සිදුකරමින් නැවත ක්‍රියාකිරීම ආරම්භ කර ඇති බවද පවසා ඇති මේ නිවේදනයේ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් මෙන්ම විශේෂයෙන්ම ඉන්දියාවේ තමිල්නාඩුව තුළ සිටින ජනතාවගේ සහයෝගය ලබාගනිමින් හා විශ්වාසය දිනා ගනිමින් විවිධ ස්ථානයන්හි නීති විරෝධී ක්‍රියාවන් සිදුකරමින් එකී සංවිධානය නැවත බල ගැන්වීමට ක්‍රියාකරන බවද සඳහන් කර සිටී.

එසේම ලෝකයේ විවිධ ප්‍රදේශවල විසිරී සිටින ද්‍රවිඩ ඩයස්පෝරාව විසින් අන්තර්ජාලය හරහා එල්.ටී.ටී.ඊ. හිතවාදී විවිධ ලිපි ප්‍රචාරය කරමින් ඉන්දියාව තුළ සිටින සමහර දේශපාලන නායකයන්ගේද සහය ඇතිව ශ්‍රී ලංකාවේ වෙසෙන ද්‍රවිඩ ජනතාව තුළ ශ්‍රී ලංකාව විසින් එකී ත්‍රස්තවාදය තුරන් කිරීමේදී ඊට එරෙහිව ක්‍රියානොකිරීම පිළිබඳව ඉන්දියානු විරෝධී හැඟීම් ඇති වන ආකාරයේ ක්‍රියාදාමයක නිරත වී ඇති බවද මෙම නිවේදනය මඟින් සඳහන් කර ඇත. මෙම ක්‍රියාදාමය හේතුවෙන් ඉන්දියාවේ සිටින විශේෂිත පුද්ගලයන්ගේ ජීවිතවලට තර්ජනයක් එල්ල වී ඇති බවද මෙම ලිපිය මඟින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

මවගෙන් ආශිර්වාද ලබා ගත් ඉන්දීය නව අගමැති


ජයග‍්‍රහණයෙන් පසු නරේන්ද්‍ර මෝඩි සිය මව හමුවී ආශිර්වාද ලබාගෙන තිබෙනවා. මෝඩි සිය 92 හැවිරිදි මව වාසය කරන නිවසට ගොස් මෙලෙස ආශිර්වාද ලබා ගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. අති බහුතර ජයක් හිමි කර ගනිමින් ඉන්දියාවේ මීළඟ අග‍්‍රාමාත්‍ය ධුරයට නරේන්ද්‍ර මෝඩි පත්වීම මේ වනවිට සහතික වී තිබෙනවා. එමෙන්ම, මෙවර මැතිවරණයෙන් තමන් ලැබූ පරාජය භාර ගන්නා බව කොංග‍්‍රස් පක්ෂය ප‍්‍රකාශ කර අවසන්. වෙනත් පක්ෂයක සහායකින් තොරව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය ආසන සංඛ්‍යාව වන ආසන 272 ඉක්මවීමට භාරතීය ජනතා පක්ෂය සමත්වීම ද විශේෂත්වයක්. ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව 543 ක්.

එංගලන්තයේ වෙසක්

 
සම්බුදු තෙමගුල සැමරීම වෙනුවෙන් එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද සංඝගත දක්ෂිණාවක් ඊයේ (14) එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.
 
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකාවාසීන්ට සෙත් පැතීමද මෙහිදී සිදු වූ අතර භික්ෂූන් වහන්සේලා විසිනමක් විෂයෙහි මෙම සංඝගත දක්ෂිණාව පැවැත්විණි.
 
මෙයට අමතරව මහකොමසාරිස් කාර්යාලය පරිශ්‍රය වෙසක් කූඩු හා බෞද්ධ ධජවලින්ද අලංකාරවත් ලෙස සරසා තිබුණි.
 

ජැනට් බාලසුරිය අභාවප්‍රප්ත වේ


රුපාලාවණ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ රුපලාවණ්‍ය
ශිල්පිණියක් වන ජැනට් බාලසුරිය මහත්මිය කොළඹ පෞද්ගලික රොහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේය. ඇය මිය යන විට වයස අවුරුදු 79 කි. දේහය අද පස්වරුවේ මහජන ප්‍රදර්ශණය සඳහා වැල්ලවත්ත සින්සෆා පාරේ පිහිටි නිවසේ තැන්පත් කිරිමට නියමිතයි.

ඉන්දියාවේ නව අගමැති නරේන්ද්‍ර මෝඩි.


අති බහුතර ජයක් හිමි කර ගනිමින් ඉන්දියාවේ මීළඟ අග‍්‍රාමාත්‍ය ධුරයට නරේන්ද්‍ර මෝඩි පත්වීම මේ වනවිට සහතික වී තිබෙනවා. එමෙන්ම, මෙවර මැතිවරණයෙන් තමන් ලැබූ පරාජය භාර ගන්නා බව කොංග‍්‍රස් පක්ෂය ප‍්‍රකාශ කළා. ආසන 543 කින් ආසන 331 ක් ලබා ගනිමින් ඉදිරියෙන් පසුවීමට භාරතීය ජනතා පක්ෂය සමත්ව ඇති අතර, කොංග‍්‍රස් පක්ෂයට ආසන 62 ක පමණක් ඉදිරියෙන් පසුවීමට හැකිවී තිබෙනවා. මේ අතර, භාරතීය ජනතා පක්ෂයේ අගමැති අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි, කොංග‍්‍රස් පක්ෂයේ අගමැති අපේක්ෂක ලෙස තරඟ වැදුණු රාහුල් ගාන්ධි, භාරතීය ජනතා පක්ෂයේ එල්.කේ. අද්වානි, රාජ්නාත් සිං සිය මැතිවරණ කොට්ඨාශ ජය ගැනීමට සමත්වුණා.  මේ අතර, තමිල්නාඩු ප‍්‍රාන්තයේ බහුතර බලය දිනා ගැනීමට මහඇමතිනි ජයලලිතා ජයරාම්ගේ නායකත්වයෙන් යුත් ඒ.ඞී.එම්.කේ පක්ෂයට හැකිවී තිබෙන අතර, ඔවුන් ආසන 36ක ඉදිරියෙන් පසුවන්නේ සමස්ත මහමැතිවරණයේ තුන්වැනි බලවේගය බවට පත්වෙමින්. එහෙත්, නරේන්ද්‍ර මෝඩිට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජයලලිතාගේ සහය අවශ්‍ය නොවන බවයි වාර්තා වන්නේ.  මේ වනවිට නවදිල්ලි නුවර පිහිටි භාරතීය ජනතා පක්ෂ කාර්යාලයට රැස්ව සිටින ආධාරකරුවන් ජය සමරමින් ප‍්‍රීති ඝෝෂා පවත්වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. මේ අතර, ඉන්දියාව පුරා භාරතීය ජනතා පක්ෂ ආධාරකරුවන් බෙර වාදනය කරමින් ලඞ්ඩු වැනි රසකැවිලි බෙදමින් ජය සමරන බව ද සඳහන්. කෙසේ වුවත්, පරාජය සම්බන්ධයෙන් කොංග‍්‍රස් නායිකා සෝනියා ගාන්ධි අද පස්වරුවේ ප‍්‍රකාශයක් කිරීමට නියමිතයි.

Thursday, May 15, 2014

විජයග්‍රහණයේ රැලියට සියල්ල සූදානම්

 
මාතර පැවැත්වීමට නියමිත මානුෂීය මෙහෙයුමේ පස්වැනි විජයග්‍රහණ රැලියට සියලු කටයුතු සූදානම්ව පවතින අතර එම උත්සවයේ පෙර පුහුණුවීම් කටයුතු මේ දිනවලදී සිදු කෙරේ. 
 විජයග්‍රහණයේ පස්වැනි සැමරුම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 18දා පෙරවරු 7.30ට මාතරදී පැවැත්වීමට නියමිතය.

රතු විදුලි බිලත් එස්.එම්.එස් මඟින්


විදුලි පරිභෝගිකයන්ට රතු නිවේදනයෙන් යුත් විදුලි බිල්පත නිකුත් කිරීමෙන් අනතුරුව විදුලිය විසන්ධි කිරීමට පෙර ජංගම දූරකතන හරහා එස්.එම්.එස්. පණිවුඩයක් මාර්ගයෙන් බිල්පත් පියවීම සිහිකැඳවීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කරමින් පවතින බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.   ඒ අනුව ඊට අදාළ වැඩපිළිවෙළ සකස් කිරීම සඳහා දූරකතන සමාගම් සමග විදුලිබල මණ්ඩලය මේ වන විට සාකච්ඡා කටයුතු ආරම්භ කොට ඇත.   ඉදිරියේ දී විදුලි පාරිභෝගිකයන්ගේ දූරකතන අංකයන් එකතුකිරීමේ කටයුතු ද ආරම්භ කිරීමට නියමිතව ඇති බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. 

දිවයින පුරා වැසි නොමැති කාලගුණ තත්ත්වයක්


අද (16) නිරිතදිග වෙරළබඩ ප්‍රදේශවල ඇති විය හැකි වැසි ස්වල්පයක් හැරුන විට දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකියට අනුව කොළඹ, රත්නපුර හා ගාල්ලට වැසි ස්වල්පයක් ඇතිවිය හැක. මහනුවර, නුවරඑළිය, ත්‍රිකුණාමලය සහ මඩකළපුවට අපරභාගයේ දී හො‍් සන්ධ්‍යා කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. යාපනය, අනුරාධපුරය සහ මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී.

දියවන්නා වෙසක් කලාපය විවෘත කිරීම ජනපති ප්‍රධානත්වයෙන්



වෙසක් උත්සවය නිමිත්තෙන් නිර්මාණය කරන ලද දියවන්නා වෙසක් කලාපය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (14) පස්වරුවේ විවෘත කෙරිණි.
මේ අවස්ථාව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක්ව සිටියේය.