Wednesday, April 30, 2014

බොලිවුඩයේ සුපිරි තරු සම්මානයෙන් පිදුම් ලබයි

පැවති 'Indian of the year ' ඉන්දීය සම්මාන උළෙලේදී රන්බීර් කපූර්, දීපිකා පදුකෝන්,සෞන්දර්යා රජිණිකාන්ත්,කාන්ගනා රනෝට් සම්මානයෙන් පිදුම් ලැබ තිබේ.

යෞවන සංකේතය ලෙස බොලිවුඩ් නළු රන්බීර් කපූර් ඉන්දීය සම්මානයට පාත්‍ර විය.
වසරේ හොඳ ම වින්දනීය පුද්ගලයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් ය.
බොලිවුඩ් නිළි කාන්ගනා රනෝට් වසරේ හොඳ ම රංගන ශිල්පී සම්මානයෙන් පිදුම් ලැබුවේ ය.

සුපිරි නළු රජිණිකාන්ත්ගේ දියණිය වන සෞන්දර්යා රජිණිකාන්ත්ට Kochadaiiyaan දෙමළ චිත්‍රපටය වෙනුවෙන් දකුණු ඉන්දීය සිනමා තාක්ෂණික නව්‍යකරණය සම්මානයක් හිමි විය.

Saturday, April 26, 2014

බොලිවුඩ් නළුවන් ට රඟපෑම එපා වෙලා


බොලිවුඩයේ සුපිරි නළු රිතික් රෝෂන් පසුගිය දින වල කරන් ජොහාර්ගේ ඓතිහාසික චිත්‍රපටයක ට සම්බන්ද වී සිටිය.නමුත් හදිසියේ ම රිතික් ඒකෙන් ඉවත් වුනා.මේ නිසා අමීර් කාන් සහ ශාරුක් කාන් ව මේ නිර්මාණයට ගන්න හදුවත් ඔවුනුත් එය ප්‍රතික්ශේප කලා.රිතික් අන්තිමටම රඟපෑවෙ KRISH 3 film එකේ .කොහොමහරි  අලුත්ම SHUD DHII ෆිල්ම් එකෙන් රිතික් සමුගත්තා තමන්ගෙ මේ රෝගය නිසා.   නමුත් කරන් ජොහාර්ගේ උත්සාහය රිතික් ව නැවත මේ ෆිල්ම් එකට ගන්න.                         මේ පාර කරීනා වෙනුවට දිපිකගේ නම මේ ෆිල්ම් එකට යොජනා වෙනවලු.මෙකේ විශේෂත්වය තමා දිපිකා රඟ පෑවොත් එක රිතික්ගේ , ඩිපිකගේ පළමු ෆිල්ම් එක  වීම.  කොහොමහරි මේ සියල්ලට හේතුව රිතික් රෝශන් මාධ්‍යයට වසන් කරන ඔහුගේ රෝගය බවයි ආරංචිය           

Friday, April 25, 2014

කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායකත්වයේ වෙනසක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකා සශිකලා සිරිවර්ධන පසුගිය දා නායකත්වයෙන් ඉවත්වීමත් සමඟ කණ්ඩායමේ නායකත්වය සඳහා චමරි අතපත්තු පත් කර තිබේ.
පිතිකාරිණියක වන ඇය පන්දු වාර 20 තරග 35කදී ලකුණු 532ක් රැස් කර ඇති අතර එක්දින තරග 29කදී ලකුණු 1208ක් රැස් කර   තිබේ.
ඇය ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්නේ 2009 වසරේ සිටයි.

Thursday, April 24, 2014

අද ජනපති අතින් තෙවැනි අභිමංසල විවෘත වෙයි

පළමු අභිමංසල අනුරාධපුර දිස්ති‍්‍රක්කයේත්, දෙවන අභිමංසල මාතර දිස්ති‍්‍රක්කයේ කඹුරුපිටිය ප‍්‍රදේශයේත් ඉදිකර තිබේ. අභිමංසල සුවසහන නිකේතන ව්‍යාපෘතියේ තුන්වැන්න කුරුණෑගල, පාන්ගොල්ල ග‍්‍රාමයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් අද (25) විවෘත වෙයි.තෙවන අභිමංසල සුවසහන මධ්‍යස්ථානය සඳහා‍ නවීන පහසුකම්වලින් සමන්විත නැණසල මධ්‍යස්ථානයක් ද ශී‍්‍ර ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මඟින් ස්ථාපිත කර තිබේ.මෙම සුවසහන මධ්‍යස්ථානයේ පනස් දෙදෙනෙකුට (52) පූර්ණකාලීන නේවාසිකව ප‍්‍රතිකාර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සපයා ඇති අතර මෙය කුටි 3කින් හා විලාස් නමින් හැඳින්වෙන හතර දෙනෙකුට එකට විසිය හැකි කුඩා ගෙවල් 8කින් සමන්විත වන අතර එහි ඔවුන්ට බටහිර මෙන්ම දේශීය වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම් සලසා දී තිබේ.ජල චිකිත්සක, භෞත චිකිත්සක හා වෘත්තීය චිකිත්සක ප‍්‍රතිකාර ක‍්‍රම මෙන්ම අධ්‍යාත්මික සුවය ලබාදීමට භාවනා හා ආගමික වැඩසටහන් ද කි‍්‍රයාත්මක කෙරේ. එමෙන්ම අභිමංසල නිකේතනවල ජීවත්වන ආබාධිත සෙබළුන්ට සිය බිරිය, දරුවන් මව්පියන් සමඟ දින තුනක් ගත කිරීමට කබානා කාමර කිහිපයක් ද ඉදිකොට තිබේ.අභිමංසල සුවසහන නිකේතනයේ ඉදිකිරීමේ අරමුණ වී ඇත්තේ මානුෂිය මෙහෙයුම්වලදී ත‍්‍රස්තවාදීන්ට එරෙහිව යුද්ධ හමුදාව දියත් කළ කි‍්‍රයාන්විතවලදී තුවාල ලබා පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව සිටින විරෝදාර රණවිරුවන් දිවි ඇති තෙක් බලා ගැනීම හා ඔවුනගේ ජීවිතයේ ඉදිරි කාලය සෙනහසින් දයාවෙන් සහ ආධ්‍යාත්මික සුවයෙන් සපිරි නිවෙසින් එපිට නිවහනක් ලබාදීමය.මේ අයුරින් පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව ඇති රණවිරුවන්ගේ සංඛ්‍යාව 297ක් ලෙස යුද හමුදාව හඳුනාගෙන ඇත. මෙම සුවසහන නිකේතන මඟින් රණවිරුවන්ගේ කායික මානසික හා අධ්‍යාපනික රැකවරණය ලබා දී තම පවුලේ සාමාජිකයන් සහෝදර සෙබළුන් හා සමාජයේ සියලු පුරවැසියන් සමඟ සහජීවනයෙන් හා සමානාත්මතාවයෙන් ගත කිරීමට සුදුසු පරිසරයක් ලබාදීම විශේෂත්වයකි.

2014 සාමාන්‍ය පෙළ අපේක්ශකයින්ගේ හැදුනුම්පත් ඉල්ලීම් ඉක්මනින්


2014 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග අපේක්ශකයින්ගේ ජාතික හැදුනුම්පත් ඉල්ලීම් ඉක්මනින් ඉදිරිපත් කරන ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් ජනරාල් සරත් කුමාර මහතා විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් කළා . ඊට හේතුව එම අයදුම්පත් සිංහල හා ඉංග්‍රීසී භාශා වලින් ලබා දිය යුතු බව යැයි එතුමා වැඩි දුරටත් සදහන් කලා.

2014 ඔක්තෝබර් 31 වැනිදාට වයස අවුරුදු 16 සම්පූර්ණ කරන ශිෂ්‍යයන්ට ජාතික හැදුනුම්පත සඳහා ඉල්ලීම් කල හැකියි

චාර්ල්ස් කුමරුගේ මස්සිනා මරු තුරුලට.


බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් කුමරුගේ බිරිඳ වන කැමිලා පාකර්ගේ සොහොයුරා හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අමෙරිකාවේ හෝටලයක් තුළ වැටීමෙන් පසුව හිසට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් ඔහු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

පුණ්‍යායතනයකට මුදල් ලබා ගැනීම සඳහා පැවති වෙන්දේසියකට සහභාගි වීම සඳහා මාර්ක් ෂාන්ඩ් නමැති ඔහු අමෙරිකාවට ගොස් සිටඇති බව වැඩි දුරටත් සඳහන් වේ.
62 හැවිරිදි ඔහු අදාළ හෝටලයේ කරකැවෙන දොරකින් ගමන් කිරීමට උත්සහ දැරූ අවස්ථාවේදී වැටීමෙන් හිස පිටුපසට තුවාළ සිදුව තිබේ.

අලුයම 1.30ට පමණ මෙම අනතුර සිදුව ඇත.

ඔහු අලි සංරක්ෂණය කිරීම සඳහා ක්‍රියාත්මක පුණ්‍යායතනයක සභාපතිවරයා ලෙස කටයුතු කළේ ය.



Wednesday, April 23, 2014

මහේල හා සංගා පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තීරණයක්

ඊයේ (23) පැවති ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මහ සභා රැස්වීමෙන් අනතුරුව ක‍්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කලේ මහේල හා සංගා පිළිබඳව විනය පරීක්ෂණයක් නොපැවැත්වීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවයි.

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සම්බන්ධයෙන් ,විස්සයි විස්ස ලෝක කුසලානය ජයග‍්‍රහණයෙන් අනතුරුව ශ‍්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ගුවන් තොටුපල පරිශ‍්‍රයේ පැවති මාධ්‍ය හමුවේදි මහේල සහ සංගක්කාර විවිධ මත පළ කළා.

ඊට පසු දින ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සිදුකළ ප‍්‍රකාශ සම්බන්ධයෙන් කනස්සල්ල පළ කල අතර එහිදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණේ  තවදුරටත් මෙම ගැටළුව පිළිබඳව කිසිදු ප‍්‍රකාශයක් සිදු නොකරන අතර අදාළ ගැටළුව අවසන් වූ එකක් ලෙස සළකන බවයි.  නමුත් පසුගියදා රැස්වූ ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් විධායක කමිටුව, මහේල සහ සංගක්කාර සිදුකළ මෙම ප‍්‍රකාශ පිළිබඳව ගතහැකි ක‍්‍රියාමාර්ග සොයාබැලීම විනය කමිටුවට පවරනු ලැබුවා.

මෙම ප‍්‍රකාශ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ඊයේ පස්වරුවේදී පැමිණියා. එම සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන් දෙදෙනාට එරෙහිව ක්‍රිකට් ආයතනය කිසිදු විනය පරීක්ෂණයක් නොපවත්වන්නට තීරණය කළ බව ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම මාස දෙකකට ආසන්න කාලයක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ ක‍්‍රීඩකයන් අතර වාර්ෂික කොන්ත‍්‍රාත්තුව සම්බන්ධයෙන් පැවති ආරවුලද ඊයේ ක‍්‍රීඩකයන් ඉදිරි වර්ෂය සඳහා වන වාර්ෂික ක‍්‍රීඩක කොන්ත‍්‍රාත්තුව අත්සන් කිරීමට එකඟවීමත් සමග සමථයකට පත්වුණා.

වත්කමින් අඩුම IPL කණ්ඩායම් හිමිකාරිය ප්‍රීටි සින්ටා බව හෙළි වේ

Wealth-X නමැති වත්කම් විශ්ලේෂණ සමාගම පවසන ආකාරයට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ (IPL)වඩා ත් ජනප්‍රිය චරිතය බවට බොලිවුඩ් නිළි ප්‍රීටි සින්ටා පත්ව සිටිය ද කණ්ඩායම් හිමිකරුවන් අතර වත්කමෙන් අඩු ම හිමිකාරිය බවයි.
ප්‍රීටි සින්ටාගේ වත්කම අමෙරිකානු ඩොලර් මිලියන 30කි. (ඉන්දීය රුපියල් කෝටි 183)
මුකේෂ් අම්බානි කණ්ඩායම් හිමිකරුවන් අතර වැඩි ම වත්කමක් ඇති හිමිකරුයි.ඔහුගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 21.2කි (ඉන්දීය රුපියල් කෝටි ලක්ෂ 1.29) 
ඒ අනුව, ප්‍රීටි සින්ටාගේ වත්කම මුකේෂ් අම්බානිගේ වත්කම සමග සැසඳීමේදී එහි ප්‍රතිශතය 0.14%ක් පමණි.
මේ අතර, සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමේ හිමිකරු කලානිධි මාරන්ගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 2.2කි.
මෙම කණ්ඩායම් 8හි හිමිකරුවන් 8 දෙනාගේ සමස්ත වත්කම් එකතුව අමෙරිකානු ඩොලර් බිලියන 25.17කි.
ඉන්දියාවේ සමස්ත වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 935ක් වන අතර ඉන් බිලියන 25.17ක් ම මෙම හිමිකරුවන් 8 දෙනාට අයත් ය.
මේ අතර, Kolkata Knight Riders හිමිකරු වන බොලිවුඩ් සුපිරි නළු ෂා රුක් ඛාන්ගේ වත්කම අමෙරිකානු ඩොලර් මිලියන 600කි.

රාවතාවත්තේ බැංකු කොල්ලයක්

මොරටුව,රාවතාවත්ත ප්‍රදේශයේ අද දහවල් පෞද්ගලික බැංකුවක් කොල්ල කා මුදල් රැගෙන ගොස් තිබේ.

කොල්ලකරුවන් ආදාළ බැංකුවේ තිබූ රුපියල් 777,000ක පමණ මුදලක් රැගෙන පලා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසා සිටි.

කොල්ලය සිදු වන අවස්ථාවේ මුදල් අයකැමිවරුන් කිසිවෙකු ත් සිට ‍නොමැත.

යතුරු පැදියකින් පැමිණි මුහුණු ආවරණය කර ගත් පුද්ගලයින් දෙදෙනෙකු මෙම කොල්ලය සිදු කර තිබෙන බව පොලීසිය වැඩි දුරට ත් පැවසී ය..



ඉන්දීය ජනප්‍රිය නිළියකට කුලී රථ රියදුරෙකුගෙන් හිරිහැර

ඉන්දියාවේ කුළී රථ රියැදුරෙකු විසින් එරට ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක වන මොනාස් මිවාවලාට හිරිහැර කර පහර දීමට උත්සහ කර තිබේ.
ඇය සිය ජංගම දුරකතනයේ ඇති කැමරාවෙන් අදාළ කුළී රථ රියැදුරු ඇයගේ මෝටර් රථයට අලාභහානි කරන ආකාරය වීඩියෝ කර ඇති අතර එම වීඩියෝව පොලීසියට භාර දී ඇත.

Tuesday, April 22, 2014

විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත්‍ර කැඳවීම අද සිට

2013  වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උපෙළ) විභාගයෙන් සමත්ව විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලැබූ සිසුන් සඳහා අයදුම්පත්‍ර කැඳවීම අද (23) සිට සිදු වේ.අදාළ අයදුම්පත්‍ර සමඟ ප්‍රවේශ අත්පොතක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.

අදාළ අයදුම්පත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවෙන් හෝ කොමිසම් සභාව අනුමත කර ඇති පොත් අලෙවි සැල් මගින් ඉදිරියේදී ලබා ගැනීමේ පහසුකම් සැලසේන අතර අද (23) පුවත්පත් මගින්ද අයදුම්පත් ප්‍රකාශයට පත් කෙරේ.

ඒ අනුව ලබන සැප්තැම්බර් මස සිට දිවයිනේ සියලු ම විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමට පියවර ගෙන ඇත.  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව පවසන්නේ අයදුම්කරුවන්ගේ අයදුම්පත් සභාවට ලැබීමෙන් අනතුරුව විශ්වවිද්‍යාලවලට බඳවා ගනු ලබන සිසුන් සංඛ්‍යාව තීරණය කෙරෙනු ඇති බවයි.

විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ අයදුම්පත් කැඳවීම ලබන මස 19 වන දින අවසන් වේ.

යානය කොතැනක හෝ ගොඩබස්වා තිබෙනවා, කඩා වැටී නැහැ - MH370 පිලිබඳ නවතම නිගමනය

කෝටි ගණනක් වැය කර යානය සෙවීමේ සෝදිසි මෙහෙයුම් වලින් අනතුරුව ඔවුන් පවසන්නේ තමන් වැරදි ස්ථානයක යානය සෙවූ බවයි.

මැලේසියානු අග්‍රාමාත්‍යවරයා MH370 යානය දක්ෂිණ ඉන්දීය සාගරයට කඩා වැටී ඇති බවට කළ ප්‍රකාශයක් ඔස්සේ දින 45 ක් තිස්සේ යානය සෙවීමේ  සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක විය.

නමුත් අතුරුදන් වූ යානය දක්ෂිණ ඉන්දීය සාගරයට කඩා වැටී නැතැයි එම යානය සෙවීමේ මෙහෙයුම්වල නිරත වූවන් නිගමනය කර තිබේ.

ඔවුන්ගේ නවතම නිගමනයට අනුව යානය කුමක් හෝ ස්ථානයක ගොඩබස්වා ඇති බව පැවසෙයි.

බස්නාහිර සහා වයඹ මුහුදු ප්‍රදේශ වලට අද දිනයේදී වැසි.

අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයින බස්නාහිර සහ වයඹ දෙසින් වන මුහුදු ප්‍රදේශවල රාත්‍රී කාලයේදී ද  වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.සුළං නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-30ක් පමණ වේ. 

සාමාන්‍යයෙන් දිවයින අවට මුහුදු ප්‍රදේශ රළු ස්වභාවයක් නොගන්නා නමුත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන්.


රාණි මුකර්ජි යුග දිවියට



බොලිවුඩයේ ඉතා දිගු කලක් ආදර ජවනිකා මැව්  සුපිරි නිළි රාණි මුකර්ජි ඉකුත් 21 දා යාශ් චොප්‍රා ගේ පුත් ආදිත්යය චොප්‍රා සමග ව්වාහ වී ම  ඉතාලියේ දී පැවත්වුනේ ඉතා චාම් ලෙසිනි.රාණි මුලින් අභිශෙක් බච්චන් හා අතිනත ගන්නට බලාපොරොත්තු වෙලා හිටියත් එකට අවස්ථාආව ලබුනෙ නම් නැහැ.මේ විවාහය සිදුවන විට රාණි මුකර්ජිගේ වයස අවු : 36 ක් ,ආදිත්යය චොප්‍රාගේ වයස අවු : 42 ක්.

'ජැක්' නිසා මෙලේසියානු ගුවන් යානය සෙවීමේ මෙහෙයුම් නවතී.

නිවර්තන සුළි කුණාටුවක් හේතුවෙන් අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය සෙවීමේ මෙහෙයුම් කටයුතු නතර කිරීමට සිදුව තිබේ.

ජැක් නම් එම සුළි කුණාටුව හේතුවෙන් ගුවනේ සිට  දියත් කරීමට නියමිතව තිබු සෝදිසි මෙහෙයුම නතර කිරිමට සිදුවු බව විදෙස් වාර්තා සදහන් කරයි.

ගුවන් යානයේ සුන්බුන් ඇතැයි සැලකෙන  ඉන්දියන් සාගර ප්‍රදේශයේ  මතුපිට නිරීක්ෂණය කිරිම සඳහා යුධ ගුවන් යානා 10 ක් යෙදවිමට නියමිතව තිබු බව ඔස්ට්‍රේලියානු බලධාරින් සඳහන් කළේ ය.

කෙසේ වෙතත් ගුවන් යානයේ සුන්බුන් ඇතැයි, අනුමාන කරන ප්‍රදේශයෙන් 80%ක කොටසක්  අතුරුදන් වු ගුවන්යානයේ සුන්බුන් සෙවිම සඳහා යොදවා ඇති රොබෝ සබ්මැරිනය, නිරීක්ෂණය කර අවසන් කර ඇති බව සදහන්.

ගුවන් යානය පිළිබඳව තොරතුරක් සොයා ගැනීමට අපොහොසත් වී ඇති අතර දැනට රොබෝ සබ්මැරිනය මඟින් සිදුකරන සෝදිසි මෙහෙයුම අවසන් වීමෙන් පසු ව අමෙරිකානු සබ්මැරිනයක් මඟින් යළි ඉන්දියන් සාගරයේ සෝදිසි මෙහෙයුම් ආරම්භ කරනු ඇති බව ඔස්ට්‍රේලියානු බලධාරින් සඳහන් කර තිබේ.


ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ශ්‍රී ලංකාවට අහිමි වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පන්දු වාර 20 ක්‍රිකට් ලෝක කුසලානය හිමි කර දීමට කැප වී කටයුතු කළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු පෝල් ෆාබ්‍රේස් සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

පෝල් ෆාබ්‍රේස් සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.

ඔහු එලෙස ඉල්ලා අස් වී ඇත්තේ එංගලන්ත කණ්ඩායමේ සහය පුහුණුකරු තනතුර භාර ගැනීම සඳහා වන බව දක්වා ඇත.

සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි වැඩි දුරටත් දක්වා ඇත්තේ, වහා ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉල්ලා අස් වන බව ය.

කොළඹට මොනෝරේල්

රුපියල් කෝටි 125400ක වියදමින් 2035 වසර වන විට කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීම සඳහා ජපන් ජයිකා ආයතනය හා ප‍්‍රවාහන කටයුතු අමාත්‍යාංශය මඟින්  ව්‍යාපෘති රැසක් කි‍්‍රයාවට නංවා ඇතැයි ප‍්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

මොනෝරේල් සේවාවක් ඇරඹීම කොළඹ නගරයෙන් ගමන් අරඹන බස්රථ සේවා එක් ස්ථානයකට ගෙන ඒම සහ දුම්රිය හා බස් රථ සේවා සම්බන්ධීකරණය ද එම ව්‍යාපෘති අතර ඇතුළත්ය.

මෙම නව ව්‍යාපෘතිය යටතේ වාහන මෙහෙයුම් වියදම වසරකට මිලියන 213000ක් අඩුකර ගත හැකිය.එමෙන්ම ගමන් වේලාවට අදාළ වියදම් අඩුවීම යටතේ රුපියල් මිලියන 136000ක් අඩුකර ගත හැකිය. ඒ අනුව කොළඹ ප‍්‍රවාහන සැලැස්ම මඟින් රුපියල් මිලියන 349000ක දැවැන්ත ආර්ථික ප‍්‍රතිලාභයක් උදාකර ගත හැකි වනු ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

මුහුදු බඩ දුම්රිය මාර්ගයට බාධා

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාරාන්තික උපවාසයක නිරතවූ දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ අද පස්වරුවේ එය අත්හිටවනු ලැබුවත් ඊට තවත් සේවකයන් පිරිසක් විරෝධය පළ කර තිබෙනවා. ඒ අනුව එම පිරිස කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ගය වෙත කොටයක් ගෙනවිත් දැමීම නිසා මේ වනවිටත් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා පැමිණ තිබෙනවා.

අන්තර් ජාතික තරුණ සමුළුවට රටවල් 103ක සහභාගීත්වයක්.


එළඹෙන මැයි මාසයේදී අන්තර්ජාතික තරුණ සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත් වීමට කටයුතු යොදා ඇත.ඒ අනුව පැවැත්වීමට නියමිත සමුළුව සඳහා සහභාගී වන බව රටවල් 103කට වැඩි ප්‍රමාණයක් සඳහන් කර ඇත.

එම සහභාගිවන පිරිස අතර අමාත්‍යවරුන් 40කට වැඩි දෙනෙක්ද, උසස් රාජ්‍ය නිලධාරීන් ද, රටවල් 103ක ජාතික තරුණ සංගම් නියෝජිතයින්ද වෙනත් සිවිල් සමාජ නියෝජනය කරන තරුණ නියෝජිතයින් 350කට වැඩි පිරිසක් ද වෙති.
එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේ සභාපති ආචාර්ය ජෝන් විලියම් ඇෂේ, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ තරුණ කටයුතු සඳහා වන විශේෂ නියෝජිත අහමඩ් අල් හෙන්දාවි සහ තවත් එක්සත් ජාතීන්ගේ නියෝජිත සංවිධානවල ප්‍රධානීන්ද මෙම සමුළුවට සහභාගි වන බව දන්වා ඇත.
 
 සමුළුව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මේලන ශාලාවේදී 2014 මැයි මස 06 වෙනිදා සිට 09 වෙනිදා සිට දක්වා පැවැත්වීමට නියමිතය. මෙම සමුළුවේ සමාරම්භක උත්සවය හම්බන්තොට පිහිටි රුහුණු මාගම්පුර ජාත්‍යන්තර සම්මේලන ශාලාවේදී මැයි 06 වන දින ආරම්භ කෙරේ. සමුළුවේ තේමාව “පශ්චාත් 2015 සංවර්ධන ක්‍රියාවලිය සඳහා තරුණ ජවය පෙරමුණු ගැන්වීම” යන්නයි.
 
මෙම සමුළුවට 1500 ‍දෙනෙකු සහභාගිවීමට නියමිත අතර ඉන් අඩක්ම වයස අවුරුදු 18 – 29 දක්වා වූ තරුණ තරුණියන්බව වාර්තා වේ. ඉන් 350 දෙනෙක් සංවර්ධනය වෙමින් පවතින රටවල් නියෝජනය කරති. 

දකුණු කොරියානු යාත්‍රා අනතුරින් මිය ගිය සංඛ්‍යාව ඉහළට

පසුගිය දා අනතුරට ළක් වූ දකුණු කොරියානු යාත්‍රා අනතුරින් මියගිය පුද්ගලයින් ගණන 104ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තව ම ත් පුද්ගලයින් 198 දෙනෙකු අතුරුදන්ව සිටින බව දකුණු කොරියානු බලධාරීන් පවසා තිබේ.එමෙන්ම අතුරුදන් වූවන් යාත්‍රාව තුළ සිරවී සිටින බවට විශ්වාස කෙරේ.

මෙම යාත්‍රාව පැය 2ක කාලයක් තුළ මුහුදුබත්ව ඇති අතර ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මෙම අනතුර සම්බන්ධයෙන් යාත්‍රාවේ කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. 

මේ සම්බන්ධව ප්‍රකාශයක් කළ දකුණු කොරියානු ජනාධිපතිනි පාර්ක් ගෙඋන් හයි ප්‍රකාශ කළේ, මෙය ඝාතනයක් බව ය.

Monday, April 21, 2014

ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයට කඩා වැදුණු දිවියා.

ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල දිවි – මිනිස් ගැටුම මෙරට අලි – මිනිස් ගැටුම මෙන් සුලභ සිද්ධියකි.

එවැනි දිවි – මිනිස් ගැටුමක් වීඩියෝ කැමරාවක සටහන් කර ගැනීමට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ චන්ද්‍රපූර් වැසියෙකු සමත් වී තිබේ.
මෙවැනි සිද්ධිය මාස කිහිපයකට පෙර උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් ද වාර්තා විය.

තවමත් තීරණයක් ගෙන නැහැ - පෝල් ෆාබ්‍රේස්

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිළේ ප‍්‍රධාන පුහුණුකරු පෝල් ෆාබ්‍රේස් එංගලන්ත කි‍්‍රකට් පිළේ නියෝජ්‍ය පුහුණුකරු ලෙස පත් කර ගැනීමට පවතින උත්සාහය පිළිබදව ඊයේ (21)  ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නිලධාරීන් සමඟ පවති සාකච්ඡාවකදී අදහස් අදහස් පළ වී තිබේ.

කෙසේ නමුත් මෙහිදී ෆාබ්‍රේස් ප‍්‍රකාශ කර ඇත්තේ එංගලන්ත තනතුර භාර ගැනීම පිළිබදව තමන් අවසන් තීරණයකට එළඹී නොමැති බවයි. එහෙත් ඔහුට එංගලන්ත පිළේ නියෝජ්‍ය පුහුණුකරු තනතුර සඳහා ඉහළ දීමනාවක් ඉදිරිපත් වී තිබෙනවා. සිය තීරණය ශ‍්‍රී ලංකා කි‍්‍රකට් වෙත කඩිනමින් දැනුම් දෙන බව එහිදී ෆාබ්‍රේස් පවසා ඇත.


බස්නාහිර පළාත් සභාවේ මංගල සැසි වාරය අද.

බස්නාහිර පළාත් සභාවේ මංගල සැසිය අද (22) උදෑසන පැවැත්වේ.පසුගිය දා පවත් වූ මැතිවරණයෙන් පසුව පළාත් සභාවේ  බලය හිමි වුයේ එක්සත් ජනතා නිදහස් සන්ධානටයි. පළාත් ආණ්ඩුකාර අලෙවි මවුලානාගේ ප‍්‍රධානත්වයෙන් අද  මංගල සැසි වාරය පැවැත්වේ.එහිදී සභාපතිවරයෙකු සහ උප සභාපතිවරයෙකු තෝරා ගැනීමට නියමිතයි. 

මේ අතර දකුණු පළාත් සභාවේ නව සැසි වාරය පසුගිය 11 වැනිදා පැවැත්වුණා. එහිදී එම පළාත් සභාවේ නව සභාපතිවරයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත‍්‍රී කේ.ඒ. සෝමවංශ තෝරා පත් කර ගනු ලැබුවා. 
.


බොහෝ පළාත් වලට අද පස්වරුවේ වැසි.

 දිවයිනේ බොහෝ පළාත්වල අද (22) අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව ත්‍රීකුණාමලය සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද තැනින් තැන වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.


ලෝක මිහිතල දිනය අදයි.

වසරක් පාසා සෑම අප්‍රේල් විසි දෙවැනි (22) දිනකම ලෝක මිහිකත දිනය සමරනු ලැබේ.'හරිත නගර' මෙවර මිහිකත දිනයේ තේමාව ලෙස නම් කර ඇත.අද දිනය සැමරීම සඳහා ලොව පුරා විවිධ උත්සව ,වැඩසටහන් සංවිධානය කර තිබේ.

ලෝක මිහිතල දිනය සැමරීම සඳහා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය ප්‍රමුඛ ජාතික විද්‍යා පදනම විසින් විශේෂ වැඩසටහනක් සංවිධාන කොට තිබේ.

එම උත්සවය අද පෙ.ව. 8.30ට ජාතික විද්‍යා පදනම් ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

විෂයානුබද්ධ විද්වත් දේශන, මිහිතල දිනය හා සම්බන්ධව නිර්මාණය කෙරුණු වීඩියෝ පට ප්‍රදර්ශනය, පැන විසඳුම් හා විවිධ ප්‍රසංගයක් ඇතුළු විශේෂාංග ගණනාවක් මෙයට එක්කොට ඇත.

තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වෙන අතර ඒ සඳහා විද්‍යාඥයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ගුරුවරුන් හා පාසල් ළමුන් රැසක් සහභාගී වේ.


බොලිවුඩය හෙල්ලූ දැවන්ත 2 STATE

අලීයා භාත් සහ අර්ජුන් කපූර් එක්ව රඟන 2 STATE  චිත්‍රපටය මේ වන විට ඉතා ඉහලින් ඉන්දියාව පුරා තිර ගත වේ. වෙනස් සංස්කෘතින් දෙකක බැඳුනු  තරුණ ආදරයට එම සංස්කෘතින්ගෙන් ඇති වන බාධාව සම්බන්දයෙන් චිත්‍රපටය නිර්මණය වි ඇත. ඉන්දියාව  පුරා අති සාර්තකව තිර ගත වන 2 STATE මෙවන විටත් Super Hit   ම චිත්‍රපටයයි. ප්‍රධාන තරු ආක්‍රමණයේ තිබූ බොලියුඩයේ Box Office ආධිපත්‍ය දැන් නවක තරු වෙතට ඇදී යන බව පෙනෙනවා.               
                                       සුපිරි තරු අමිතාබ් බච්චන් සහ ළමා නළු ප්‍රභාත් රගන Boohnath Smooth චිත්‍රපටය මේ වන විට ඉන්දියාව  පුරා තිර ගත වන අතර ඉතාම මන්දගාමී අදායමක් සමග ඇරබුණු මෙම චිත්‍රපටයට ඡන්ද ව්‍යාපාරයෙන් හා IPL  ක්‍රිකට් තරගාවලියෙන් බාධා ඇති විය.චිත්‍රපටය තිර ගත වන තුරු චිත්‍රපටය උපයාගෙන තිබූ මුලු ආදායම කෝටි 30.14 පමණි. ඉකුත් සිකුරාදා දිනයේ තිරගත් විම ඇරඹුන 2 STATE  චිත්‍රපටයේ අති සාර්ථකත්වයත් සමග Boothneh Smooth චිත්‍රපටය Box Office වාර්තා වලින් පහල වටී ඇත.

13 හැවිරිදි දැරියක් ඉන්දියාවේ බස් රථයක් තුළ දූෂණයට ලක් වේ.


ධාවනය වෙමින් තිබූ බස් රථයක් තුළදී 13 හැවිරිදි දැරියක දූෂණය කර ඉන් ඉවතට විසි කිරීමේ සිදුවීමක් ඉන්දියාවේ බෝපාල්හි නගරයකින් වාර්තා වේ.ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, පිරිසක් මහ මග වැටී සිටි අදාළ දැරිය දැක පසුව ඇය ඉතා ඉක්මනින් රෝහල්ගත කිරීමට කටයුතු කර  ඇති බව ය.අදාළ දැරිය දූෂණයට ලක් ව ඇත්තේ, පසුගිය ඉරිදා රාත්‍රියේ ය.දැරිය ඇයගේ නැන්දාගේ නිවසට ගොස්  යළි නිවස කරා එමින් සිටියදී එම සිද්ධියට මුහුණ පා තිබේ.එම අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 5 දෙනෙකු සිට ඇති අතර ඉන් තිදෙනෙකු තමන්ට එම අපරාධය සිදු කළ බව ඇය ‍පොලීසියට පවසා ති‍බේ.පුද්ගලයින් තිදෙනෙකු අතින් අතවරයට ලක් වෙද්දී දැරිය සිහිසුන් වී ඇති අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා  දැරියට අතවර කර ඇති දැයි, අනාවරණය වී නොමැත.දැරිය රෝහල්ගත කරන අවස්ථාවේ ඇයගේ හිස ඇතුළු සිරුරේ ස්ථාන කිහිපයකට තුවාල සිදුව තිබූ බව පොලීසිය පවසයි.

ලොව විශාලතම හාවා

ලොව විශාලතම හාවා ලෙස ඩේරියස් නමැති  හාවා, බරින් කිලෝ ග්‍රෑම් 15 ඉක්මවන අතර  දිගින් අඩි 4යි අඟල් 4ක් පමණ වේ.එම හාවාගේ හිමිකාරිය වන 62 හැවිරිදි ඇනට් එඩ්වර්ඩ්ස් පවසන්නේ, වසරකට කැරට් අල 4000ක් පමණ එම හාවා ගිල දමන බව ය.ඊට අමතරව, ගෝවා, ඇපල් සහ තව ත් කෘත්‍රිම ආහාර ආදිය ඌට ලබා දෙන අතර ඒ සඳහා වාර්ෂිකව ඇයට වැය වන මුදල අමෙරිකානු ඩොලර් 2400කි. එම හාවාගේ වයස අවුරුදු 5ක් වන අතර, එම හාවා ලොව විශාලතම හාවා බවට පත් වනු ඇතැයි තමන් කිසිදින නොසිතූ බව ඇනට් එඩ්වර්ඩ්ස් පවසයි.ඇය සඳහන් කළේ, සිය සුරතලා ආහාරවලට දැඩි ගිජු බවක් දක්වන බව ය.ඌ ආහාර බුදින ආකාරය බලා සිටීමට ඇය දැඩි කැමැත්තක් දක්වයි.



SAMSUNG ගිනි ගනී

ජංගම දුරකථන වෙළඳ පොලේ මෙන්ම ඉලේක්ට්‍රනික් උපකරණ අලෙවියේ ලොව ප්‍රකටතම ආයතනයක් වන සැම්සුන්ග් ආයතනයේ දකුණු කොරියාවේ පිහිටි දත්ත මධ්‍යස්ථානයේ ගින්නක් ඊයේ (20) අලුයම ඇති වී තිබේ. මෙම ගින්න නිසා ප්‍රධාන වේබ් අඩවිය samsung.com අක්‍රිය වී තිබේ.




Sunday, April 20, 2014

අද දින සිට දෙවැනි පාසල් වාරය ඇරඹේ.



දිවයින පුරා පිහිටි සියලු ම පාසල්වල දෙවැනි වාරය අද (21) දින ආරම්භ විය.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පසුගිය 08දා පාසල්වල පළමු පාසල් වාරය අවසන් කරමින් නිවාඩු ලබා දුන්නේය.

සියලුම මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් නිවාඩුව පසුගිය 10දා ලබා දුන් අතර එම පාසල් පසුගිය 16 දින යළි විවෘත කෙරිණි.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අද දිනයේදී වැසි.

අද (21) අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


කොළඹ ප්‍රදේශ කිහිපයක හෙට ජල කප්පදුවක්

     
කොළඹ, ප්‍රදේශ කිහිපයකට හෙට(21)  දිනයේ පැය අටක කාලයක් ජල සැපයුම අත්හිටුවනබව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කලා . පස්වරු 3.00 සිට රාත්‍රී 11.00 දක්වා මෙම ජල කප්පාදුව ක්‍රියාත්මකයි .
      ගාලුපාරේ ඩබ්ලිව්.ඒ. ද සිල්වා මාවතේ සිට බම්බලපිටිය හන්දිය දක්වාත් හැවුලොක් පාරේ ඩබ්ලිව්.ඒ. ද සිල්වා මාවත හන්දියේ සිට තුම්මුල්ල දක්වා සහ ඊට සම්බන්ධිත සියලු අතුරු මාර්ග, ඩබ්ලිව්.ඒ. ද සිල්වා මාවත සහ ඊට සම්බන්ධ සියලු අතුරුමාර්ගවල මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

       මීට හේතුව ජල නල අලුත්වැඩියා කටයුත්තක් වන බවද ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කලා

Saturday, April 19, 2014

හෝමාගම ගින්නක්

පොලිතින් කර්මාන්තශාලාවක ගින්නක්
ගින්න ඇති වී තිබෙන්නේ හෝමාගම, කටුවන කර්මාන්තපුරයේ පොලිතින් නිෂ්පාදන කර්මාන්ත ශාලාවකයි .අද(20) පෙරවරු 10.15ට පමණ ගින්න හටගෙන ඇත.හෝමාගම පොලීසිය සහ ප්‍රදේශවාසීන් එම ගින්න මැඩ පැවත්වීමට කටයුතු කොට ඇත .ගින්නෙන් කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර කිහිපයකට හානී සිදුව තිබේ.

දඹුල්ල ආරථිකයේ ගින්නක්

දඹුල්ල ආරථිකයේ ඊයේ හටගත් ගින්නෙන් වෙළඳ සැල් 8ක් සම්පුර්ණයෙන්ම විනාශ වී තිබේ.ගින්නට හේතුව විදුලි කාන්දුවක් බව පොලිසිය සදහන් කරයි. ගින්නට මැඩ පැවැත්වීමට පොලිසිය හා දඹුල්ල ප්‍රදේශීය සභා ගිනි නිවීමේ ඒකකය මහත් පරිශ්‍රමයක් දරා ඇත.

අතුරුදහන් තම දරුවන් එනතුරු බලා සිටින දෙමාපියන්


පසුගිය සතියේ අනතුරට ලක්වුණු නෞකාවේ සිට මේ වෙනකොට මළ සිරුරු 24ක් ගොඩ ගෙන ඇති බව වර්තා වේ. තවමත් 270 අධික පිරිසක් අතුරුදහන්. මෙම දෙමාපියන් බලා සිටින්නේ තම ආදරණිය දරුවන් දැක බලා ගන්නයි.